ads
News
Loading...

සකුරා රටෙි ඉපදුනු පුංචි සිඟිත්ත අකේෂි



අපි දෙන්න දෙමව්පියෝ පදවිය දැරුවේ එයා නිසා.

එකම වෙලාවෙ අඬලා හිනා වෙච්චි ඒ මොහොත ගැන වචනයෙන් කියල නිමකරන්න බෑ..

අනුෂ්කා ඒකනායක කියන්නෙ අපේ රටෙි ජනප්‍රිය නිවෙිදිකාවක් වගේම නර්තන ශිල්පිනියක්.සකුරා පිපෙන ජපානයේ ජීවත්වන අනුෂ්කාගෙ ජීවිතය වෙනස්වෙලා.ඒ වෙනස ගැන කතාකරන්න ගොසිප්ලන්තය " අලුත්ම ආදරේ " වි⁣ශේෂාංගය සමඟ ඇය එකතුවුනා.

මේ දවස් වල අනුෂ්කා ගොඩක් සතුටින් නේද ඒ ගැන කියන්න කෝ

මේ දවස් වල අකේෂි දූත් එක්කම තමා කාලය ගත වෙන්නෙ.

වෙනස්ම අත්දැකීමක් ඒක.එයාට තාම සති එකහමාරක්


ජීවිතේ ගොඩාක් දැනෙන තැන් තියෙනව.දියණියක් කියන්නෙ මවකටත් පියාටත් ලොකු වටිනාකමක්.ඇයමුලින්ම දකිත්දි දැනුන සතුට කොච්චරක්ද


එකම වෙලාවෙ අඬලා හිනා වෙච්චි ඒ මොහොත ගැන වචනයෙන් කියල නිමකරන්න බෑ..

මවක්ගේ උත්තරීතරත්වය භාවය වැටහුනේ ඒ මොහොතේයි මෙච්චර කාලයක් එයයි වේදනා බර සුන්දර මොහොතක් කියලයි දැනගෙන හිටියෙ නෑ මම ජීවත් වෙන්නේ ජපානය හෙදියන්ගේ සානුකම්පිත බව මට ලොකු ශක්තියක් වුණත් ඒ අවස්ථාවට මුහුණ දෙන්න සහ මගේ සැමියා ඒ මොහොතේ මගේ ළඟින්ම හිටියා.



ජපානයේ ජීවත්වෙන හින්දම වෙනස් පරිසරයක් එක්ක අලුත් ජීවිතයට හැඩගැහෙන එක අභියෝගයක් වුනාද

නැත්තෙමත් නෑ ආපු කාලේ භාෂාව අප අපහසු හින්දා විදිහට අපහසුතාවයට ලක් වුණත් පස්සෙ පස්සෙ සැමියගෙ උදව්වෙන් භාෂාව ඉගෙන ගත්තා

සුභ පැතුම් ගොඩක් ලංකාවෙන් එන්න ඇති නේද?

ඔව් ගොඩක්ම මෙහෙ ඉන්න යාලුවෝ ගොඩක් අය welcome කළා .එෆ්බී ඉන්න නිසා ගොඩක් අය සුබපැතුම් එවලා තිබුණා

පුංචි අමුත්තිය අකේෂි දූ ගැනත් දැනගන්න කැමතියි.

එයා ඉපදුණේ මාර්තු 2 එයාගේ නම අකේෂි කවිසේකර කෙල්ලෙක් කියන්නෙ පවුලකට වෙනසක්නෙ.

ඉතින් අපිට ඒ වෙනස දුන්නෙ අකේෂි. අපි දෙන්න දෙමව්පියෝ පදවිය දැරුවේ එයා නිසා.

දුර රටක සිටින නිසා ඇයට ලංකාව තරමක් දුරින් තියෙන්නෙ. ඉතින් ටික ටික ලොකු මහත්වෙත්දි වගකීම් ගොඩක් ⁣එක්ක අනුෂ්කාගෙ ජීවිතයත් වෙනස් වෙනව නේද

ඔව් ඇත්තටම. ඒත් ළමයි මෙහෙ හදන්න වගේම උගන්නන්න මේ රටේ හරි ලේසියි එයාලට පහසුකම් ගොඩක් ලබා දෙනවා අධ්‍යාපන වගේම සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙනවා.දරුවන් පුළුවන් තරම් හදන්න රජයේ සියලු පහසුකම් ලබාදෙනවා වගේම උනන්දු කරනවා.

හැමදේම තනියෙන් කරගන්න වෙන්වා මේ රටේදි ඒක එක්තරා අතකට අභියෝගයක්



නර්තන ශිල්පිනියක් විදියටත් කාලයක් දකින්න ලැබුනනේ.ජපානයට කියන්නෙ කබුකි වගේ කලාවට තෝතැන්නක්.මුල් කාලෙ ඒ වගේ නිර්මාණ නරඔන්නත් අනුෂ්කා පෙලබෙන්න ඇති

බලන්න ලැබුණේ නැහැ හැබැයි NHK නාලිකාවේ පෙන්නද්දි බැලුවා. ගොඩක් අවස්ථාවන් corona කාලෙ නිසා මග හැරී ගියා

මෙි ගතවෙන්නෙ ජපානයේ සීත කාලයේද.ඔබ ජීවත්වෙන ප්‍රදේශය?

ඔව් මුළු රටේම Winter එක

මෙි වෙලාවෙ සැමියගෙන් ලැබෙන සහයෝගය ගැනත් අමතක කරන්නම බෑ නේද.අපි ඔහු ගැනත් කියමු

ඔහු ඉතින් දයාබර සැමිය ධනූෂ කවිසේකර.ගොඩක් කාලේ කාර්යබහුලයි නමුත් හැම අතින්ම මට සහාය සහයෝගය ලබා දෙනවා

ඔහු දැනට ජපානයේ පරිඝණක මෘදුකාංග නිපදවන ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් විදිහට පූර්ණකාලීනව සේවය කරනවා.

අනාගතය වෙනුවෙන් දියණිය ගැනත් බලාපොරොත්තු ගොඩක් ඇති?

හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ජපානයටත් ලංකාවටත් වැඩදායී කෙනෙක් කරන වගකීම තමයි තියෙන්නෙ.එයා කැමති ක්ෂේත්‍රයක ඉදිරියට යයි.

අනූෂ්කාටත් ධනූෂට වගේම පුංචි සිගිත්තිය අකේෂිටත් ගොසිප්ලන්තය අපි සුභ පතනවා.අවසාන ව⁣ශයෙන් මෙි කතාබහ ගැන දැනගන්නත් කැමතියි.

ගොසිප්ලන්තයටත් අපි සුභපතන ගමන් කොරෝනා ඉක්මනට තුරන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.




සංවාද සටහන©ගොසිප්ලන්තය





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :