ads
News
Loading...

ගයාන් පෙම්වතා නෙවෙයි



පූජනී  භාග්‍යා කියන්නේ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය නිළියක්. දින පහේම රාත්‍රී ටෙලිනාට්‍යවලින් හමුවන පූජනීගේ අලුත් තොරතුරු විමසා බැලුවා.

ඔබ රඟපාන ටෙලි නාට්‍ය පහ හැරුණාම තවත් ටෙලි නාට්‍ය එන්න තියෙනවද?

ලබන මාසෙ තවත් ලස්සන අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්නවා. තිස්සමහාරාමයේ තමයි ඒ ටෙලි නාට්‍යය රූගත කිරීම කරන්න නියමිත.

එකම කාලයක මේ තරම් වැඩ ගොඩක් කරන්නේ කොහොමද?

හදවිල අරණ කියන්නේ 2017 මම මුලින්ම රඟපාපු ටෙලි නාට්‍යය. නෑනලා ටෙලි නාට්‍යයට ඇරයුම් ලැබුණේ 2019 දියි. ඒ කාලේ රූපගත කළාට මේ ටෙලි නාට්‍ය දෙකම දැන් තමයි විකාශය වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නාට්‍යවල ඉතිරි රූගත කිරීම්වලට අනිවාර්යෙන්ම මම සම්බන්ධ වෙන්නම ඕන නිසයි මේ තරම් වැඩ වැඩි වුණේ.


ජනප්‍රියත්වයට ඇති ආසාව නිසාද පූජනී වැඩ ගොඩක් භාර ගන්නේ?

දැන් මගේ වයසත් එක්ක මෙහෙම වැඩ ලැබුණට කාලයත් එක්ක මමත් වයසට යද්දි මේ තරම් වැඩ නොලැබෙන්න පුළුවන්. මොකද දක්ෂයෝ හැමදාම මේ ක්ෂේත්‍රයට එනවනේ. ඉතින් අපිට හැමදාම වැඩ තියෙන්නෙ නැහැනේ. වැඩ තියෙන කාලේ ඒ ටික කරගන්න එක හොඳයි කියල හිතුවා.

පූජනී වියපත් චරිත කරන්න වැඩි කැමැත්තක් නැති හැඩයි…

මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්නවා නම් අනිවාර්යයෙන් ඒක එහෙම වෙන්න ඕනනේ. අපි වයසට ගියාම අක්කාගේ, අම්මගෙ චරිතය තමයි ලැබෙන්නේ. අපිට අවුරුදු 35 වෙද්දි නව යොවුන් පෙම්වතිය වෙන්න බැහැනේ. සමහර විට විවාහය වැනි කාරණාත් එක්ක මම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා යන්නත් පුළුවන්.

පූජනී චරිත භාරගන්නෙ තනි කැමැත්තටද?

මට ස්වාධීනත්වයක් තියෙනවා. මට තනි තීරණ ගන්න පුළුවන්. කාගෙවත් බලපෑමක් නැහැ. රංගනයට ආපු මුල් දවස්වල අම්ම තමයි මගේ පසුපසින් හිටියේ. දැන් අම්මට හැමදේටම මාත් එක්ක එන්න බැහැ. දැන් මට ක්ෂේත්‍රයේ ඇතුළෙ වෙන දේවල් ගැන හැමදේම තේරෙනවා.

දැන් පූජනීගේ වයස කීයද?

මට දැන් අවුරුදු 22 යි.

මේ වයසට තනියම වැඩ කරන්න ගිහින් අතපසුවීම් වෙලා නැද්ද?

අතපසුවීම් තිබුණෙ නැහැ, වැරදීම් තිබුණෙත් නැහැ. මං හිතනවා මට වැරදීම් වෙලා නැහැ කියලා. මේ වනතුරු කිසිම බාධාවකින් තොරව මම ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යනවා.

ගයාන් කියන්නේ ඔබේ හොඳම මිතුරාද? පෙම්වතාද?

ගයාන් අයියයි, මමයි 2019 හුස්මක් තරමට නාට්‍යයේ ඉඳන් එකට රඟපානවා. ගොඩක් වැඩවලදි අපි දෙන්නා හම්බවෙන ප්‍රමාණය වැඩියි. ලොකුම දේ වුණේ 2020 වැලන්ටයින් දිනය දා අපි දෙන්න කරපු මංගල ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට නිකුත් වීමත් සමග අපි දෙන්නා විවාහ වෙලා කියලා කතාවක් පැතිර යාමයි. ඊට පස්සෙත් අපි අයෙත් එවැනි මංගල ඡායාරූප පෙළක් කළා. මෑත කාලයේ ගයාන් අයියගේ මියුසික් වීඩියෝ එකෙත් අපි දෙන්නමයි ඉන්නේ. මේ කාරණා නිසා ගොඩක් අය තවමත් හිතාගෙන ඉන්නෙ අපි දෙන්නා විවාහ වෙලා කියලා. කොහේ හරි ගියාම සමහරු හස්බන්ඩ් කෝ කියලා අහනවා. ඇත්තටම අපි අතර පෙම් සබඳතාවක් නැහැ.

ගයාන්ගේ නොවෙයි නම් පූජනී කාගෙ පෙම්වතියද…

මම පෙම්වතියක් නෙවෙයි. ඔය ගැන තව පොඩ්ඩක් ඉස්සරහට කතා කළොත් හොඳයි කියලා හිතන්නේ මෙයා මගේ පෙම්වතා කියන්න ඕනම කෙනෙක් කැමතියිනේ. සමහරු කැමති නැතිවත් ඇති. හැබැයි මම නම් කැමතියි තැනකට ගිහින් මේ තමයි මගේ පෙම්වතා කියලා පෙන්වන්න.

විවාහ වෙලා කලාවෙන් සමු අරන් බිරිඳක්, ගෘහණියක් විදිහට ඉදිරිය ගෙවන්න සිද්ධ වුණොත්..

ඒවා කියන්න බැහැ. පෙම්වතෙක් ඉන්නකොටත් අපිට අනවශ්‍ය විදිහට තීරණ ගන්න බැහැ. ගයාන් අයියත් එක්ක ඡායාරූප කළාට මම වෙනත් අය එක්ක කපල් ෂූට් කරන්නෙ නැහැ. මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නවා. අපි වරදක් කළොත් ඒක ප්‍රසිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි. විවාහ වුණ දවසක මම හිතාගෙන ඉන්නවා රංගන ජීවිතයයි, පවුල් ජීවිතයයි පටළවගන්නේ නැතිව ඉන්න. ගොඩක් කලාකරුවන්ට වැරදෙන තැනක් තමයි ඒක.

පහුගිය කාලයේ යොවුන් නිළියන් කෝටිපති තරුණයන් හා විවාහ වීමේ ප්‍රවණතාවක් අප දුටුවා. ඔබත් කෝටිපතියෙක් පතනවද….

ඒක එක එක්කෙනාගේ දෛවය අනුවයි තීරණය වෙන්නේ. මම හෙට දවසේ මගේ ළඟින් ඉන්න යාළුවෙක් එක්ක විවාහ වෙයිද, මගේ තරහකාරයෙක් එක්ක විවාහ වෙයිද, ජීවිතේට දැකලා නැති කෙනෙක් එකක් විවාහ වෙයිද කියන්න බැහැ. එයා කෝටිපතියෙක්ද නැතිද කියන එකට වඩා මට නම් වැදගත් වෙන්නේ එයා දෙවැනි තාත්තා කෙනෙක්, වැඩිමල් සොහොයුරෙක් වගේ මාව ආදරයෙන් බලාගන්න කෙනෙක් වීමයි. බුම්මගෙන ඉන්න කෙනකුට මම කැමති නැහැ. ඔහු හොඳට කාලා බීලා විනෝදයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන.

ගයාන් කියන්නේ ඔය සුදුසුකම්වලට සමාන සුදුසුකම් තියෙන කෙනෙක් නේද…

ඒක වෙන්නැති එයාව මට ගොඩක් සමීප. මට විතරක් නෙවෙයි ගයාන් අයියා අපේ ලොකු අයිය වගේ අපිට උදව් කරන්නේ. ටික්ක සැරයි, ඒත් අපේ යාළුවෝ රෑනේ කාටත් ළෙංගතුයි.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :