ads
News
Loading...

කලා ලෝකයේ අලුත්ම බලාපොරොත්තුව


කලාව තුල ඉදිරිගමනක් යන දුෂ්‍යන්ති  සේවික්‍රම ධරණි නාට්‍ය තුලත් අපි දකින රංගන ශිල්පිනියක්.ඒ වගේ නිවෙිදනයෙනුත් ඇයගෙ මුහුණ අපට නුපුරුදු නෑ.අද ගොසිප්ලන්තය ආර්ට් වන් හමුවන්නේ ඇයව.

මගේ ලෝකෙම පුංචි පුතා....

ධරණි වගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුන එකත් ලොකු සතුටක්...

දෙවියන්ගෙන් මට ලැබුණු ලොකුම තෑග්ග මගේ මහත්තයා .

දුුුුුුුුුුුශ්‍යන්ති මොනවද මෙි දවස්වල වැඩ කටයුතු  ?

කොරොනා නිසා කරගෙන යන්න බැරි උන වැඩ නැවත පටන් ගත්තා ...මේ දවස් වල ටීවී දෙරණ විකාශනය වන ධරණී ටෙලිනාට්‍යට සම්බන්ධ වෙලා ඉන්නවා ... ඊට අමතරව Channel C ආයතනයේ සුපුරුදු විදියට නිවේදන කටයුතුවල නිරත වෙනවා... Bridle shoots photoshoot වලටත් සම්බන්ධ පුලුවන් පුලුවන් විදියට සම්බන්ධ වෙනවා... අලුත් වෙලද දැන්වීම් කිපයකටත් සම්බන්ධ උනා...



දැන් දැන් ක්ෂේත්‍රයේ වැඩි පිරිසකට අවස්ථාව ලැබෙනව ඔබ කෝමද ඒක සුභවාදීව යොදාගන්නෙ?

වැඩි පිරිසකට අවස්ථාව ලැබෙන එක හොද දෙයක්.නමුත් එහෙම අවස්ථාව ලැබිල ඒක පවත්වාගෙන යන අය අඩුයි.මම අදහස් කලේ පවතින වගේම ගමනක් යන අය අඩුයි.


දුෂ් කියල යාළුවො කතාකරනව ඇතිනෙ.ක්ෂේත්‍රයේ ගොඩක් අය ඉදිරියට යන්න තමන්ගෙ නමට අනර්වර්ථ නාමයක් යොදාගන්නව.ඔයා හිතන්නෙ ඒක හොද දෙයක්ද

හැමෝම කතා කරන්නේ නම් දුෂී කියලා ඒක මං නම් හදාගත්ත නමක් නෙමෙයි මගේ නම දුශ්‍යන්ති. ක්ෂේත්‍රයට එද්දී ලෙසියට හැමොම දුෂී කියන්න ගත්තා .... මෙිකයි පැවත්ම හදා ගන්න යුනික් වෙන්න නමක් දා ගන්න එකේ වැරද්දක් මං දකින්නේ නෑ ඒක වෙන රටවල් වලත් වෙන දෙයක්...




දැන් මෙි දවස්වල දුෂී රංගනයෙන් වගේම නිවෙිදනයෙන් තමයි ජනප්‍රිය මම හරිනේද?

 ඒ වචන නම් මට  ටිකක් බර වැඩි වචනයක් නේද.
කලාවට  කවදත් ආදරෙයි .... උත්සාහ කරනවා දෙයක් කරන්න.... පුංචි නිවේදීකාවක් මං.... ධරණී ටෙලිනාට්‍ය  හරහා මේ දවස්වල රංගනයට දායකවෙනවා. ...

ධරණි නාට්‍යය ස්ත්‍රීවාදී පැත්ත ට යන එකක්.ඒ වගේ නිර්මාණයට දායකවෙන්න ලැබු⁣න එක ගැන දැනෙන දේ

ඔව් ඒත් ඒකට ඉන්නවා හොඳ පිරිමි Audience එකක්... ගැහැනු අපි හරි ශක්තිමත් .... ඉතින් ඒවගේ එකකට සම්බන්ධ වෙන්න ලැබුණු එකට ඇත්තටම සතුටුයි


කාලයක් නිරුපනයෙන් තමයි රංගනයට පිවිසෙන පරපුරක් දකින්න ලැබුනෙ.ඒත් චරිතාංග රංගනයන් කරන අය අඩුයි.දුෂීට ඒ ගැන තියෙන කැමැත්ත?

මං කාලයක් නිවේදනය කටයුතු වගේම රංගනයට දායක වෙලා ඉද්දී තමයි මං විවාහ වෙලා විදේශගත වෙන්නේ .නැවත ලංකාවට ආවම මටත් හිතෙනවා ආපහු කලා කටයුතු වල නිරත වෙන්න.. ඉතින් මාත් තොර ගන්නේ නිරූපනයම තමයි ... මං නිරූපන තරගයකට සහභාගි වෙනවා .ඒකෙන් යම් ජයග්‍රහණයක් එක්ක මට වුවමනා වුන නැවත එන්න මටත් අවස්ථාව ලැබෙනවා.... ඉතින් කොච්චර හොඳද එහෙම අවස්ථාවන් හැදන එක...ඒත් රංගනය කියන්නේ වෙනම දෙයක් ඒක ගැනත් පොඩි දැනුමක් තියෙන්න ඕන

රංගනය සහ නිරුපනය තල දෙකක වැඩ දෙකක්.ජාත්‍යන්තර රංගනයේදි නම් ක්‍රීඩාවත් වැදගත්.දුෂී ඒ පැත්තෙනුත් හැකියාවක් තියෙන කෙනෙක්ද



ක්‍රීඩාවල නම් වැඩිය නියලුන කෙනෙක් නෙමෙයි ... ඒත් මං හිතනවා මං හොඳ නර්තන ශිල්පිනියක් කියලා ඔයා මගෙන් ඇහුවොත් ඔයා මේ නියලෙන ක්ෂේත්‍රයන් වලින් ඔයා වැඩියම දක්ෂ මොනාටද කියලා මට කියන්න තියෙන්න නර්තනය කියලා.... නර්තනය මගේ හුස්ම වගේ



දුශීගෙ පවුලෙ තොරතුරු ගැනත් නොකිව්වොත් ඒක අඩුපාඩුවක්?


ඔව් මං විවාහකයි මට පුංචි පුතෙක් ඉන්නවා මගේ මහත්තයාගේ නම ගිහාන්. එයානම් ඉන්නේ විදෙශගත වෙලා මත් බබත් නිතර එහේ යනවා ... මගේ තාත්තාත් කලාවට සම්බන්ධ කෙනෙක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ ඔහු චන්ද්‍රසිරි සේවික්‍රම . අම්මායි නංගියි මල්ලි මායි මං පවුලේ ලොකු දුව



තව අපිට මතක් කල යුතු විශේෂ දෙයක් තියෙනවද


මගේ මේ සියලුම කටයුතු වලට උදව්කරන්නේ මගේ මහත්තයා ... ගැහැනු අපි දකින හීන විවාහයත් එක්ක යටපත් වෙලා යනවා කියනවනේ ඒත් මගේ හින ලස්සන චිත්‍ර බවට පත් වුනේ මගේ හෙවනැල්ල වගේ මට ශක්තියක් වුන සැමියෙක් ලැබුන නිසා. ඉතින් ගිහාන් තමයි මගේ මේ ලෝකේ තියන එකම ශක්තිය .ජීවිතේ මං හැම දෙයක්ම ලබා ගත්තේ හුගක් මහන්සි වෙලා ... දෙවියන්ගෙන් මට ලැබුණු ලොකුම තැග්ග මගේ මහත්තයා ...ඒ වගේම මගේ මේ කලා කටයුතු නිසා තව කෙනෙක් ලොකු කැපකිරීමක් කරනවා ඒ තමයි මගේ පුංචි පුතා මේ මගේ ලොකේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :