පසුගිය දිනෙක කෑගල්ල ශීක්ෂණ රෝහලේ වෙනස් විදිහේ දෙයක් සිද්ධවුනා.ඒ තමයි තුන් නිවුන් දරු උපතක් සිදුකරන මවකගෙ සැත්කමක්.ඔබට හිතෙයි එහි ඇති විශේෂත්වය මොකද්ද කියල.
ඒ ගැන ගොසිප්ලන්තය එක්ක කතාකලේ සැත්කම සිදුකල ජේශ්ඨ නේවාසික වෛද්‍ය තරංගන හේරත් මහත්මයා
" ඇය කෑගල්ලෙ පදිංචි ජයන්ති නම් මවක්.ඇයට මෙම සැත්කම කරන්න තිබුනෙ වගේම පිළිසිදගැනීම සිදුකරන්න තිබුනෙ දින කිහිපයකට පසු.නමුත් ඊට පෙර මෙි සැත්කම සිදුකරන්නට වුනා.මෙහිදී වාට්ටුව භාර වෛද්‍ය ජානක ජයසිංහ මහතාත විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි.
සැත්කම සිදුකරද්දි සිදුවුණ විශේෂත්වය තමයි මෙි තුන් නිවුන් දරුවන් එකම විනාඩියකදි මෙලොව එලිය දැකීම.ඒ කියන්නෙ මෙි සැත්කම කරපු 26/09/2021 දිනයේ පෙ,ව 10.39 ට තමයි දරුවන් තිදෙනාම උපත ලද්දේ ඔවුන් තුන් නිවුන් දරුවන්.ඉපදීමෙන් පසු එක් දරුවෙකු නොමෙිරු ළදරු ඒකකයෙහි සිටිනව.එම ඒකකය භාරව සිටින්නේ විශේෂඥ වෛද්‍ය අරුණ පීරිස් මහතා.
මෙම උප්පත්තිය එකම තප්පර හැටකට අඩුවෙන් දරුවන් තිදෙනාම ඉපදීම මින් පෙර අහන්න ලැබිල නැතිවීම විශේෂත්වයක්ද වනවා.
මෙහිදී රෝහලේ වාට්ටු,ශල්‍යාගාරය ,නොමෙිරු ළදරු ඒකකය යන සියලු ඒකක වල සේවකයන්ගෙ සහය ලැබුනු බව වෛද්‍ය තරංග හේරත් මහතා පවසනවා.
වයස අවුරුදු 42 වියැති තුන්නිවුන් දරු උපත සිදුකල මවද නීරෝගී සම්පන්න ව සිටිනවා.





0 Comments :
Post a Comment