ads
News
Loading...

තාත්තගෙන් බැනුම් ඇහුවා



මේ දවස්වල සිරස නාලිකාවේ විකාශනය වෙන පියාඔන මූණිස්සම් නාට්‍යයේ රගපාන අමන්දා කියන්නෙ වාර්තාකාරිනියක්.ඇයව අපි හදුනාගන්නේ මෙි නාට්‍යයෙන් වුනත් අැය කලාවට සම්බන්ධ කෙනෙක්.ඒ ඇය ප්‍රවීන සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ ගෙ දියණිය.ඇය නිර්මාණි ජයසිංහ.අද ගොසිප්ලන්තය තමයි කතාබහට එකතුවුනේ ඇය

නිර්මාණිගෙ මුල්ම අත්දැකීම මාධ්‍යවෙිදිනියක්ගෙ චරිතයෙන්.ඒක කෝමද දැනුනෙ?

මාධ්‍යවේදිනියක් කියන්නේ වෙනස්ම චරිතයක්. මෙක මගේ පළමු ටෙලිනාට්‍ය අතදැකීම නියා ගොඩක් අභියොග වලට මූණ දෙමින් අමන්දා ගෙ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සහ කරනවා.

පියාඔන මූණිස්සම් අධ්‍යක්ෂණය කරන්නෙ ඔබගේ පියා ඉතින් ඒකත් සුවිශේ්ෂයි නේද

ඔව්, මම කලින් තත්තාගේ හෝ වෙන්ත් අයගේ නිර්මාණ වලට සම්බන්ධ වෙලා නෑ ඉතින් මගේ පළමු ටෙලි නාට්‍යය ම තාත්තාගේ නිර්මාණයක් වීම මට ලොකු ආඩම්බරයක් හා සතුටක්.

ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරද්දි මුලින්ම දැනගන්න ලැබුනෙ ප්‍රවීනයන්ව.ඔවුන කොහොමද ඔබට දුන් සහය
ඇත්තටම විශෙෂයෙන්ම මතක් කරන්න ඔනේ මොක්ෂගේ චරිතයට පන පොවන දනුක අයියා, මම shooting ආව පළවෙනි දවසේ ඉදන් කිසිම ආඩම්බර කමක් නැතුව මගේ චරිතයට සාධාරණයක් කරන්න ගොඩක් දේවල් කියලා දුනනා, තවද අඩුපාඩු පෙන්නල දීලා මාව ගොඩක් Motivate කරා. එවාගේම මතක් කරන ඕනේ මේජර් ගේ චරිතයට පන පොවන අශාන් අයියා, මට නිතරම shooting වලදි හම්බුනේ නැතත් මාව Motivate කරලා අඩුපාඩු කියලා දුන්නා. මෙ දෙන්නටම හදවතින්ම ස්තූති වන්ත වෙනවා


නිර්මාණිට මෙි අත්දැකීම තුල අමතක නොවන අවස්ථාත් ඇති

ඇත්තටම මෙ මුළු ටෙලි නාට්‍ය මට අමතක නොවන අත්දැකීමක් මොකද මගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම නිසා හැබයි ඒ අතර සුවිශේෂි අත්දැකිමක් තමා අධ්‍යක්ෂකවරයා වන මගේ තාත්තාගේන් හැමදාම බැනුම් අහුව එක.

නිර්මාණි වැඩිදුරටත් අධ්‍යාපනය හදාරන කෙනෙක් නේද
ඔව්, මගේ උපාධියේ දෙවන වසර සම්පූර්ණ කරන
ගමන් තමයි ඉන්නේ. එවගේම වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා.


ඉදිරියෙදි අලුත් නිර්මාණ වලට එකතුවෙන්න බලාපොරොත්තු වෙනවද

පියාඹන මුනිස්සම් ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න කලිනුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් මගේ අධ්‍යාපන කටයුතු නිසා එවට සම්බන්ධ වුණේ නැහැ. මම මීට පෙර වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සමබන්ධවෙලා තියනවා , එත් ටෙලිනාට්‍ය ක්ෂෙත්‍රය ට මම නවකයෙක් මුලින්ම මට රංගනය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා .ඒ අතර මට ගැලපෙන නිර්මාණ වලට ආරාධනා ලැබුණොත් මම එවට සම්බන්ධ වෙයි.

අනාගතයේ තාත්තා වගේ අධ්‍යක්ෂණයට එන්න හිතනවද

එහෙම අදහසක් නම් නෑ මොකද මම අධ්‍යාපනය හදාරන්නේ ICT පැත්තෙන් ඉස්සරහටත් ඒ ක්ෂෙත්‍රයේ ඉහළට යන්න තමයි හිතන් ඉන්නේ.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :