ads
News
Loading...


අපට නිතරම අහන්න ලැබෙන්නෙ සතුන්ට වෙන හිරිහැර ගැන උනත් මෙි කියන්න යන්නෙ ඊට වෙනස් කතාවක්.ඒ ඉබ්බෙකුගෙ දිවිය බෙිරගත්තත අය ගැනයි.
Social 
සටහන පහළින්

            ඊයෙ පාන්දර දුරකථන අතට ගත්තේ  Dushan Malwenna සහෝදාරයාගෙන් ආපු ඇමතුමකට "මල්ලි කට්ට කුඩුවෙන්න වාහනේකට අහුවුන ඉබ්බෙක් ඉන්නවා වනජීවී එකෙනුත් කිසිම ආන්සර් එකක් නෑ" ඔන්න ඔහොමයි කතාව පටන්ගත්තෙ. සතාව හම්බවෙලා තිබුනෙ මතුගම ප්‍රදේෂයේ Udara Chathuranga සහෝදරයට ඔහු කඩිනමින් ක්‍රියා නොකලා නම් මේ වනවිටත් මේ සතා ජීවිතක්ෂයට පත්වෙලා නැත්තන් මස් හට්ටියක කෑමක් වෙලා ඔහුට මගේ ස්තුතියට එහාගිය ගෞරවය පුදකරනවා හදවතින්ම😍💚
                ඊලග ගැටලුව උනේ මතුගම ඉදාන් කලු අග්ගලට මේ ලෙඩාව ප්‍රවාහනය කරගන්න එක දුශාන් සහෝදරයා  Prt transport sl Vom Hause JB Bonzo  ආයතනයට කතාකරලා තිබුනේ ප්‍රවාහන ගාස්තුගෙවා මගේ නිවසට මේ සතා එවන්න. නමුත් එම ආයතානයේ නිලදාරී මන්ඩලය රුපියල් 5000කට ආසන්න ගාස්තුවක් ගතයුතු සේවාව නොමිලේම සපයා දුන්නේ මනුශ්‍යත්වය විදහා දක්වමින් 💚
                  සතාව ගෙන්නන කටයුත්ත වෙන අතරතුර සෙවියහැකි සෑම ස්තානයකම කටුව සවිකිරීමට අවශ්‍ය pop සෙවුවත් නොලැබීම නිසා අවසානයේ එම උත්සහය නිශ්පල ඌ බැවින් මා විසින් වෛද්‍ය Ashan Lanka Hewagama මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන් සැනින් ඔහුගේ සුපුරුදු පිලිතුර ලැබුනා "අරන් වරෙන් කොල්ලො අපි ගොඩ දාමු" ඇත්තටම ඒ වචන ටික ඒ මොහොතේ මාහට විශාල ශක්තියක් උනා කිවුවොත් මම නිවැරදී. හවස පහට පමන සතාව මගේ නිවසට ගෙන්වාගෙන ගනේමුල්ල ප්‍රදේෂයේ පිහිටි වෛද්‍ය සායන වෙත ගෙනගොස් ප්‍රතිකාර නිමාකර යලිත් නිවසට පැමිනෙන තෙක්ම සියලු දේ සොයා බැලීමටත් දුශාන් සහෝදරයා අමතක කලේ නෑ

               ඒවගේම කවදත් වගේ සතෙක් වෙනුවෙම් උදවුවක් ඉල්ලූ ඕනෑම වෙලාවක ඕනෑම කැපකිරීමක් කිරීමට පැකිලීමකින් තොරව ඉදිරිපත්වෙන Kavin Sanjana සහෝදරයා වගේම Kapila Siriwardana සහෝදරයාත් මේ වැඩේ සාර්තක කරගන්න විශාල ශක්තියක් උනා
               ඒවගේම වෛද්‍ය වරයාගේ සේවක මන්ඩලය සහ ඉහත නම් සදහන් සියලුම දෙනාට අනේක වාරයක් පිං මේ වැඩේ වෙනුවෙන් කරපු උපකාර සහ කැපකිරීම් වලට







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :