ads
News
Loading...

ගංවතුර එන්න කලින් දුමින්ද කරපු වැඩ එළියට..

"ජනතාව කිව්වා රෑ පණිවිඩ ලැබුණ නිසා ගංවතුර එන්න කලින් ගෙවල්වලින් ආවා කියලා"

"යුද හමුදාව, නාවික හමුදාව හා රජයේ නිලධාරීන් මේ සියලු දෙනාම එකට එකතු වෙලා අපි පෙරහුරු පැවත්වුවා"

    මැයි 27වෙනිදා රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක,එනම් තලාව,රොටවැව,රත්මල්වැටිය,සියඔලාගස්වැව හි ඇතිවූ  ටොනේඩෝ  සුළි සුළං තත්වය නිසාම අවතැන් වූ ජනතාව හට මුදල් වන්දි ප්‍රදානය 28 වැනිදා වාරිමාර්ග හා ජල කළමණාකරණ සහ ආපදා කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා අතින් සිදුවිය.මෙහිදී විශේෂයෙන් සදහන් කල හැක්කේ පෙර ආපදා තත්වයන් පැවති අවස්ථාවන් වලට වඩා ඉක්මනින් සහන ලබා දීමෙි වැඩපිලියෙලවල් සක්‍රීයව ක්‍රියා කිරීමය.
     සුළි සුළගින් විපතට පත් නිවෙස්වල අලාභ ගණනය කර වන්දි ප්‍රධානය කිරීම මෙහිදී  සිදුවුනි.එම අවස්ථාවෙි  පිරිස ඇමතූ අමාත්‍යවරයා ,

මේ වන විට අප රටේ පැවති ආපදා තත්ත්වය අඩුවෙමින් පවතිනවා.නිරිත දිග මෝසම් සුළං නිසා ලබන මස 15 වැනිදා දක්වාම වැසි පවතිනවා.නමුත් පහුගිය දවස්වල වගේ වැඩි වැස්සක් නොලැබෙයි කියන එක තමයි කාලගුණ වාර්තාවල සඳහන් වෙන්නේ.ඒ කෙසේ වෙතත් බැරි වෙලා හරි වැස්සේ වැඩි වීමක් සිදුවුණොත් ඒ සියල්ලක් සඳහාම අපි සූදානමින්.අපේ හමුදා භට පිරිස් ස්ථානගත කරපු උපකරණ සියල්ලම නිරිත දිග මෝසම අවසන් වනතුරු අවධානයෙන් හා සූදානමින් තැබීමට අපි කටයුතු කරනවා.
මෙවර අපි ආපදාවට සූදානම් වුණ නිසා ආපදාව අවම කර ගන්න හැකි වුණා.අපි ඒ ප්‍රදේශවල නිරීක්ෂණය කරන විට ජනතාව කිව්වා රෑ පණිවිඩ ලැබුණ නිසා ගංවතුර එන්න කලින් ගෙවල්වලින් ආවා කියලා.තමන්ගේ නිවෙස්වල තිබුණ වටිනා කියන දේ ආරක්ෂා කර ගන්න හැකි වුණා කිව්වා.වෙනදාට වඩා සූදානමක් තිබුණ නිසා අපිට ආපදා අවමකර ගන්නත් පුළුවන් වුණා.
ආපදාවන්ට ලක්වෙලා අපි ක්‍රියාත්මක වෙනවාට වඩා එහා ගියපු ක්‍රමවේදයක් විදිහට යුද හමුදාව, නාවික හමුදාව හා රජයේ නිලධාරීන් මේ සියලු දෙනාම එකට එකතු වෙලා අපි පෙරහුරු පැවත්වුවා. ගංවතුර එන්න කලින් අපි ඒ අයව ස්ථාන ගත කළා එහි ප්‍රතිපලයක් විදිහට තමයි අපිට ආපදාව අවම කර ගන්න පුළුවන්කම ලැබුණේ යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
     පසුගිය කාලවලදී ආධාර වැඩ පිළියෙලවල් ප්‍රමාදවී කටයුතු සිදුවූ නමුත් මෙි වසර වනවිට එම තත්වය වළක්වා ගැනීමට හැකිව ඇති අතර ඒ තුල  ජීවිත ,දේපළ වලට වන හානිය අවම කරගැනීමට රජයට හැකිව ඇත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :