ads
News
Loading...

මධුමාධව හිතේ හිරකරන්න හිටපු කෙනා කවුද?


 මධුමාධව අරවින්ද අන්න අලුත් සිංදුවක් කරලා.ඊයෙ දවසෙ ගොඩක් අය කතා කලේ ඒගැන ඉතින් මෙි අලුත් වැඩෙි ගැන මුල්ම ඉන්ටෙව් එක දෙන්න මධූ  ගොසිප්ලන්තයට ගොඩ වුනා.

මධුමාධව නිහඬතාවය බිඳගෙන ආපහු ඇවිත්?
   ඔව් මම ආපහු ආවා.මගේ නගරයට මාවඔිනැ කියල ඉල්ලන්න කලින් මම ආවා.දැන් ඉදිරිය සුභ වෙයි.ඉතින් ඒ ගමනට ගොඩක් අය එකතු වුනා.

මුල් කාලෙ වගෙ නෙවෙි ක්ෂෙත්‍රයේ අමුතු ජාතියෙ වැ⁣ඩකාරයො ඉන්නෙ?
   අද අලුත් පරපුරක් ඇවිත් ඉන්නව.හැබැයි ඒ පරපුරේ සිංදු වල මොකක්ද වෙනම දෙයක් කරගෙන යනව.ඒත් මම මගෙ අලුත් සිංදුව  ගෙනාවෙි  පොප්සිකල් ,හොට් ඩෝග් කෙල්ලො කන  විදිහ පෙන්නලනම් නෙවෙි.ඒ පාපකර්මය කරන්නෙ ඒ අය.

අද විවරස් ගන්න ගේම් එකට ලෑස්තිවෙල වැඩ කරන අය පිරිල නේද?
වෙන්න පුළුවන්.ඒත් කවදා හරි මඩඅතරන් අරවින්ද පිපෙනවා.මෙි ඒ වගේ වැඩක්.මම නම් නව පරපුරට කියන්නෙ නම තියෙන්න වැඩක් කරන්න.ඒ නිර්මාණය එකක්ද දෙකක්ද වෙන්න පුළුවන් ඒත් එහෙම  දේවල් හරි සුවඳයි.

හැබැයි අද කොහොම කිව්වත් මධූටත් මධූව මඟහැරිච්ච කාලයක් තිබුනා?
  ඇත්ත අපි ඔිනැ කෙනෙක්ට එහෙම කාල තියෙන්න පුළුවන්.ඉතින් ඒ හැම දෙයක්ම එක්ක මම පන්නරය වින්දා ජීවිතය දැක්කා.මං හිතන්නෙ අපි ඔිනැ කෙනෙක්ට පැටලුනු මඟහැරිච්ච තැන් ඇති.

අලුත්ම සිංදුව ආදරයත් එක්ක බැදිච්ච වැඩක්
   ජීවිතයෙ කෙනෙක් පන්නරය ලැබිච්ච  දේවල් හැම විටම මතකයට එනවා.කලාකරුවෙකුට ඒක එයාගෙ මුළු ලෝකය.ඔබ අහපු ප්‍රශ්නයට උත්තර ලැබුන මං හිතන්නෙ.

මෙවර මියුසික් වීඩියෝ එ⁣ක අධ්‍යක්ෂණය කලෙත් මධූ
   මං හිතුවා මං එතනට යා යුතුයි කියලා.ඔබ දකින හැමදේමඒකෙ ප්‍රතිළුල.මං මෙි වෙලාවෙ හිස නවා ආචාර කරනවා මගෙ ආදර රසිකයන්ට.ඊයෙ ඉදන්ම එයාලා නොකඩවා මට කතා කරනව⁣.

ලංකාවෙි මුල්ම වරට තරු නවයක් ඔයා එක්ක මෙි වැඩෙිදී එකතු වුනා.
  අ⁣නේ ඔව් ඒක කියන්න ඔිනැ.මුදල ගැන නොසිතා කාලෙ ගෙවාගෙන මගෙ නිර්මාණයට ආපු ඔවුන්ට  බොහොම පින්

ඇතැම් දර්ශන වල ඔබ ආදරේ සංකේත මවනවා නේද?
   රුප රචනයෙදි ⁣අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද මෙි මධූගෙ වැඩ වලින් ටිකයි.ඉතිරිය තව මාසතුනකින් බලන්න පුළුවන්.


 රුගත කිරීම් වලදි හොද හොද වැඩ උනාලු නේද?
 ඔව් ,මම අර වතුරට වැටෙන තැන කරත්දි මල්ලිලා දෙන්නෙක් තුන්පාරක් විතර පැන්නා.එයාල⁣ කිව්වෙ එතන යට උල් තියෙන්න පුළුවන් කියල.මම කිව්වා ඇයි ඔයාලා ඔහොම පනින්නෙ කියල.එයාලා කිව්වා අයියට කරදරයක් නොවෙන්නලු එහෙම කලේ.

ආදරණීය ප්‍රතිචාර ගලාගෙන එත්දි හිතට සංවෙිදී වන දෙයක්  සිදු නේද?
ඇත්තටම.දුර දේශයක ඉදන් ඇය මට කතා කරලා ඇඬුවා.මම ඇයව සැනසෙන්න කියල කිව්වා.ජීවිතේ හැටි ඔහොම තමයි.ඇගේ නම නම් අහන්න එපා

    මධූ ගෙ වචන නිහඬවෙත්දි එතන හැංගිච්ච දේට ඉඩ තියලා අපි ඔයාලට එයාගෙ මියුසික් වීඩියෝ එක  බලන්න ඉඩ සලස්වනවා.
    
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :