ads
News
Loading...

නිදහසේ පියා හින්දා සිනමාව නැතිකරන අවුල හදපු ඇමති

  ලංකාවෙි සිනමාවෙි අලුත්ම අවුලක් ගැන වටපිටෙන් ආරංචි වුනා.මෙතෙක් සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය සදහා නිකුත් කිරීම සිදුවූයේ චිත්‍රපටි මණ්ඩල හරහායි.එහෙත් එම අයිතිය නැවත චිත්‍රපටි සංස්ථාවට පැවරීම විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබ තිබෙනවා.මෙය එක්තරා අතකට සිනමාව නැවතත් කඩා හැලෙන තත්වයට පත්කිරීමට සිදුකල දෙයක් වගයි චිත්‍රපටි මණ්ඩල වෙනුවෙන් මෙි ප්‍රශ්නය සදහා ඉදිරියට ආ සුනිල් ටී මහතා පවසන්නේ.
             දැනට චිත්‍රපටි ක්ෂෙත්‍රයේ තුල සිටින වැඩි චිත්‍රපටි ප්‍රමාණයක නිෂ්පාදකයෙක් සහ MPI මණ්ඩලයෙහි අධ්‍යක්ෂක තනතුරක්  ඇති ඔහු මෙන්ම EAP,IFD,RIDMA,CEL යන මණ්ඩල වෙනුවෙන් එහි අධිකාරිත්වයද මෙි වෙනුවෙන් පෙළ ගැහුනා.
                        කෙසේ වෙතත් හදිසියේම චිත්‍රපටි සංස්ථාව වෙත මෙම බලය පවරගැනීමෙි ආසන්නතම සිදුවීම බවට පත්ව ඇත්තේ චිත්‍රපටියක්.ඒ විශාල පිරිවැයක් තම සාක්කුවෙන් වියදම් කරමින් විජයදාස ඇමතිවරයා විසින් නිෂ්පාදනය කල සුනෙත් මාලිංග විසින් අධ්‍යක්ෂණය කල "නිදහසේ පියා"නමැති චිත්‍රපටියයි.කලකට පෙර එම චිත්‍රපටිය සදහා මුදල් යෙදවූ ඇමතිවරයා විසින් තම චිත්‍රපටිය ට ගිය මුදල ඉක්මනින් පියවාගැනීමට තම බලය යොදවූ බව සුනිල් ටී පවසනවා.ඩී.එස්  සේනානායක චරිත අලලා මෙය නිෂ්පාදනය කර තියෙනවා.
නිදහසේ පියා පෝස්ටරය
         මෙි පිලිබදව විජයදාස රාජපක්ෂ මුනිවත රැකීම කාටත් ප්‍රශ්නයක් වී තියෙනවා.එහි නාමයන්ගෙන් පවා ඔහුගෙ නම නිෂ්පාදක ලෙස තිබූ තැන්හි එය කපා දමන්නටත් කටයුතු කර තිබෙනවා.මණ්ඩල කිහිපයකම නිදහසේ පියා ප්‍රදර්ශනය කර අවස්ථා ලබාගන්නට උත්සහ කලත් එයසිනමාවක තිබිය යුතු ගුණාංග නැති වීම නිසාම ප්‍රතික්ෂේප වෙ⁣ලා.
            සමස්ත සිනමා කර්මාන්තයම උඩු යටි කුරු කරවන සංස්ථාව චිත්‍රපටි බෙදා හැරීමෙි තීරණය නිසාම අද වනවිට නිෂ්පාදකවරයන් සහ අධ්‍යක්ෂකවරයන් තම විරෝධතාවය පලකරනවා.සුනිල් ටී ප්‍රනාන්දු,අරෝෂ ප්‍රනාන්දු,නාලක විතානගේ,ප්‍රියන්ත  කොළඔගේ,හර්ෂ උඩකන්ද,චරිත් අබෙිසේකර,සංජය නිර්මාල්,අරුණ ගුණවර්ධන,සුරංග ද අල්විස් පමණක් නොව සිනමාවෙි ප්‍රවීනයන්ද  සංස්ථාව හරහා සිදුකරන්නට යන ක්‍රියාමාර්ගය ගැන විරෝධය  පළකරනවා.
නිදහසේ පියා අධ්‍යක්ෂක- සුනෙත්
මාලිංග ලොකුහේවා
  සුනෙත් මාලිංග අධ්‍යක්ෂකවරයෙකි.ඔහුත් තම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරගැනීමට කැමතිය.එහි වරදක් නැත.එහෙත් වරද ඇත්තේ නිෂ්පාදක ඇමතිවරයා එම චිත්‍රපටිය වෙනුවෙන් කල දෙයයි. අතීතයේ සිටම සිනමාව තුල මෙවන් අර්බුද ඇතිව ඇත්තේ එක් පුද්ගලයෙක් හෝ දේශපාලන අධිකාරියක් නිසායි.තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදුවූවා සේ ලංකාවෙි සිනමාවට කණ කොකා හැඬීමට පෙර වගකිව යුතු අංශ මීට මැදිහත් විය යුතුයි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :