ads
News
Loading...

ආණ්ඩුව හොඳම තුරුම්පුව එළියට ගනියි



ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කරයි
 ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ එක්තරා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ කොටස ඇතුළු සමස්ත පරීක්ෂණ වාර්තාව තවත් සතියක් ඇතුළත රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද කොටසේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසකගේ නම් සඳහන් වී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමෙන් අනතුරුව මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ සම්බන්ධකම් පැවැත් වූ සියලුම දෙනාගේ තොරතුරු රටේ පොදු මහජනතාවට දැනගත හැකි අතර මෙම ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු මීට වඩා පුළුල් ආකාරයෙන් සිදු කර අදාල වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමද සිදුවනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කොට ඇති බවද වාර්තා වේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :