ads
News
Loading...

කොටි සමරන මහ විරු දිනය අවලංගු ද?

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලු තහනම් නියෝගය ලබා දීම සම්බන්ධයෙන් තීරණය හෙට දිනයේදී (23) ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (22) තීරණය කළේය.
යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම් නියෝගය ඊයේ (21) ඉල්ලා තිබිණි.
අදාළ තහනම ලබා දීමට නම් හෙට (23) අවශ්‍ය හේතු හා වාර්තා විධිමත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා කෝපායි පොලීසිට දැනුම් දුන්නේය.
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය උතුරේ වෙනත් ප්‍රදේශයන්හි සාමාන්‍ය අයුරින් සිහිපත් කලද යාපනය විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන මහවිරු සැමරුම් වෙනුවෙන් සෑම වසරකට කොටි සංවිධානයේ ධජය හා කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ ඊලාම් සිතියම යොදාගනිමින් නීති විරෝධීව කොටි සංවිධානයද ප්‍රවර්ධනය කරමින් සැමරීම් සිදු කරන බැවින් එම කටයුතු තහනම් කරන ලෙසට කෝපායි පොලීසිය විසින් මෙම තහනම් නියෝගය ඉල්ලා ඇත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :