ads
News
Loading...

අසැබි වචනෙන් මගීන්ට බැන්න දුම්රිය රියැදුරාට වෙච්ච දේ


   අද දවසේ සමාජ ජාලා මාධ්‍ය වල ප්‍රචාරණය වූ එක්තරා දුම්රිය නිලධාරියෙකු මගියෙකුට බැන වැදීම ගැන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගන්න තීරණය කර ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පරීක්ෂණ අවසන් වන තුරු මෙම පියවර ගත් බවයි.
ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේ මගීන් කිහිප දෙනෙකු එන්ජින් මැදිරියට නංවා ගෙන අනෙක් මගීන් ඊට ගොඩවීමට උත්සහ දැරීමේදී රියදුරු ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබිණි.
අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ එම වීඩියෝව පදනම් කර ගනිමිනි.
අංක 424 දුම්රියට පෙර, හලාවත සිට කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 422 දරණ දුම්රිය ඊයේ ධාවනය වී නොතිබේ.
මේ හේතුවෙන් අංක 424 දුම්රියේ ගමන් කිරීමට ප්‍රමාණය ඉක්මවූ මගීන් පිරිසක් සිටීමත් සමග ඔවුන් එන්ජින් මැදිරියට නංවා ගත් බව මූලික පරීක්ෂණවලදී රියැදුරු ප්‍රකාශ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.
තමා බැණ වැදීමට පෙර මගියෙකු තමාට බැණ වැදුණු බවත්, එම කොටස වීඩියෝවේ නොමැති බවත් රියැදුරු ප්‍රකාශ කර තිබේ.

පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ගමනා ගමන අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

අදාල වීඩීයෝව පහතින් නරඔන්න.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :