සටහන: විපුල බටුවාරච්චි
වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයට පසුගිය සතියේ අලුතින් ඇතුළත් වූ ශිෂ්‍යය කණ්ඩායමේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට එහි නම්‍යකරණය නමින් ක්‍රියාත්මක වන අමානුශික නවක වද ක්‍රියාවලියට අකමැත්ත පළකිරීමත් සමගම එම විශ්ව විද්‍යාලයේ "ජ්‍යෙෂ්ඨ උත්තමයෝ" නමින් හදුන්වාගනු ලබන ඉහළ වසර වල ශිෂ්‍යයන් 150ක් 200ක් පමණ පිරිසක් එකතුව ඉතාමත් අමානුශික ලෙස අතින් පයින් ගල් මුල් පොලු වලින් මහපාරේ පෙරලාගෙන පහර දීම හේතුවෙන් ඊයේ සවස එම සිසුන් දෙදෙනා කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
![]() |
පහර කෑ සිසුවෙක් |
ඊයේ දෙසැම්බර් 26 සවස 7.00ට පමණ මෙම සිසුන් දෙදෙනා මෝටර් රථයකින් කුලියාපිටිය පොලීසිය අසලින් දිවෙන ලයනල් ජයතිලක මාවතේ ගමන් කරමින් සිටියදී එම මෝටර් රථය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාර්ගය හරස් කර නවතා එම මෝටර් රථයටත් බරපතළ හානි සිදුවන ලෙස පහරදී ඉන් මෙම සිසුන් දෙදෙනා එළියට ගෙන බිමදිගේ ඇදගෙන ගොස් මෙම නින්දිත පහරදීම සිදුකර ඇත. මෙම පහරකෑමට ලක්වූ නවීන් සිතාර ප්‍රේමරත්න සිසුවාගේ එක් අතක් උරහිසෙන් විසන්ධි වී කන් බෙරයද පැලී ඇති බව කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරුන් පවසයි.
0 Comments :
Post a Comment