ads
News
Loading...

වෙඩින් කරන අයට ලොකුම සම්මාන උළෙලක්


   මංගල දිනය හැඩකරවන අයට සුවිශේෂි දවසක්....

    ජාත්‍යන්තර ප්‍රමිතිගත සම්මාන ප්‍රධානෝත්සවයක්...

මංගල දිනය වර්ණවත් කරගන්න උදව් කරන සංවිධායක පිරිස වෙනුවෙන් වෙනස්ම වැඩක් සංවිධානය කරන බවක් ගොසිප්ලන්තය අපිට අහන්න ලැබුනා.එම වෘත්තීය තත්වය ඉහළ දැමීමට සිදුකරන සම්මාන ප්‍රධානෝත්සවයක් මෙි වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
            Srilanka wedding Awards ලෙස නම් කර ඇති මෙම උළෙල සංවිධානය කරන්නේ මංගල උත්සව ක්ෂේත්‍රයේ වසර 20 ක් පමණ අත්දැකීම් ඇති ඒ .ආර් මයිකල් මහතාය.ඒ මහතාගේ සිලවර් ඉවෙන්ට් ස්ටාර් හරහා මෙම විශාල කර්තව්‍යය ඉටු කිරීමට නියමිතයි.මෙහි විශේෂත්වය වන්නේ ලාංකේය මංගල ඉතිහාසයේ මෙවන් දෙයක් ප්‍රථම වරට සංවිධානය වීමයි.
     එවැනි කර්මාන්තය වෙනුවෙන් කරන්න සිදු කරන මෙම සම්මාන ප්‍රධානෝත්වයේදී ශ්‍රී 
ලංකාවෙි මංගල උත්සව සංවිධානයේ වෘත්තීය තත්වය උසස් කරල තියනවා. ඒ අනුව මංගල උත්සව සැලසුම්කරණය,හොටෙල් සේවය,මනාලියන් හැඩගැන්වීම, ඡායාරූපකරණය,රූපලාවන්‍ය, ඡායාරූපකරණය හා සංගීතය ,විනෝදාස්වාදය සැපයීම ආදී අංශ 12 නියෝජනය වන පරිදි විශිෂ්ටත දක්ෂයන් වෙනුවෙන් සම්මාන 15 ක් පිරිනැමීමට නියමිතයි.

    “SriLanka Wedding Awards” නියත වශයයන්ම ශ්‍රී ලකායේ මංගල උත්සව සංවිධානය කිරීමෙි කර්මාන්තය අනාගතයට ගැලපෙන ⁣ලෙස නව ප්‍රමිතීන් ගොඩ නගමින් ජාතයන්තර වෙළදපොළ වෙත ගෙන යන අලුත් ප්‍රවනතාවයක් වන බව සහතික වශයෙන්ම කියන්න පුළුවන් බවයි එහි සංවිධානයක ඒ ආර් මයිකල් මහතා පවසනවා.
    මෙම සම්මාන උළෙල සදහා ප්‍රවීන විනිශ්ව මණ්ඩලයකින් මෙන්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ද ජයග්‍රාහිකයන් තේරීමක් විනිවිද භාවයකින් සිදුකරන නිසා මෙි සදහා ජාත්‍යන්තරය තුලත් අවධානයට ලක්වීමට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ.
      ඉදින් මෙවන සුවිශාල උත්සවයෙහි තවත් විශේෂ තොරතුරු ගොසිප්ලන්තය වෙත ලැබුනු විගස ඔබ වෙත ලබාදෙන්නට අප කටයුතු කරන්න සූදානම්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :