ads
News
Loading...

කටාන වැල්ලවත්ත යතුරුපැදි බෝම්බ


කටාන, තිඹිරිගස්කටුවේ අවන්හලක තිබූ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂක අංශ විසින් පුපුරවා හරිනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවන්හලක ආසනයක් මත තබා තිබූ මෙම සැකකටයුතු පාර්සලය පිළිබඳව අද පෙරවරුවේ එහි සේවකයින් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවා පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා එය ආරක්ෂිතව පුපුරවා හැරි බව යි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා කැඳවා ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර වැල්ලවත්ත, සැවොයි සිනමා හල ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක ආසනය විවෘත කිරීමට ආරක්ෂක අංශ පිපිරීමක් සිදුකළේ ය.

පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ලද තොරතුරක් මත අදාළ යතුරුපැදිය පරීක්ෂා කළ බවයි.

කෙසේ වෙතත් යතුරු පැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමු නොවූ බව ද පොලීසිය සඳහන් කළේ ය.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :