ads
News
Loading...

සංගාගෙන් අලුත් පිම්මක්...


ලෝ ප්‍රකට මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ (MCC) මීළඟ සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් වී තිබෙනවා.

කූමාර් සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතීත්වයට පත් පලමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වනු ඇති අතර ඔහුගේ නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් පළමු වන දා සිට වසරක් ඉදිරියට බලපවත්වනු ඇති.

මෙම මැරලිබෝන් ක්‍රීඩා සමාජය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසින් හඳුන්වන සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහි හිමිකාරීත්වය දරන ලොව පැරණිතම සහ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයයි. ක්‍රිකට් ක්‍රීඩාවට අදාල සියලුම නීතී රීතින් සම්පාදනය කිරීමේ බලය හිමිවන්නේ ද මෙම ක්‍රීඩා සමාජයටයි. එහි සභාපතිත්වය යනු ඉතා සුවිශේෂි තනතුරක් බව අමුතුවෙන් කිව යුතු නො වේ.
              කෙසේ වෙතත් මීළග ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත්වෙන ආන්දෝලනයක් සේම පසුගිය කාලයෙහි ඔහුගේ නමින ගමක් නම් කිරීම පිළිබදව ද ආන්දෝලනයක්ද පැතිර ගියේය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :