ads
News
Loading...

අන්තවාදී තිප්පොළක මත්පෙති ගබ්සා පෙති

  
    
   පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය අයත් අඩංගුවට ගෙන ඇත.

මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා පෙති පහක් අඩංගු කාඩ්පතක් රුපියල් පන්දහසකට විකුණූ බවත්, එම පෙති පානය කරන කතුන්ට ජීවිත කාලයටම දරුඵල අහිමි වන බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙදී හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ආදුරුප්පු වීදියේ මෙම ගබඩාව වටලා ඇත්තේ පසුගියදා මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පවුලේ නිවසක තිබී සොයාගත් මත්කුඩු ගැන විමර්ශන සිදුකළ අවස්ථාවේදී ලද තොරතුරක් මතය.

මෙහිදී මොහොමඩ් එලුව්දින්, මොහොමඩ් පනාවික් යන දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් කොළම හා පිටපළාත් වලට බෙදාහැරීම කර ඇත.
   මෙි අතර ආරක්ෂක අංශවල සෝදිස්සි කිරීම් සමාජ මාධ්‍ය තුල සජීවීව ලබාදීම තුල ත්‍රස්තයන් පැන ගැනීමට ඉඩ ඇති බැවින් ඉන් ද ඉවත්වන ලෙස ආරක්ෂක අංශ ඉල්ලීමක් කර ඇත.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :