ads
News
Loading...

පහරදීම් පසුපස මධුමාධව ,අමිත් හිටියද ?



කුලියාපිටියේ මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩ ගිනි තබමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාදඩ මැරයන් සිව් දෙනෙකු පොලිස් අත් අඩංගුවේ සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පමණක් වන ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ජනාධිපති සිරිසේනගේ බලය පෙන්වා නිදහස් කරගෙන යද්දී අගමැති රනිල් වික්‍රමසිංහ පඹයෙකු සේ බකන් නිලාගෙන සිටීම ගැන එජාප සාමාජිකයන්ගේ සහ යහපාලනප්‍රේමී නීතිගරුක පුරවැසියන්ගේ දැඩි විරෝධය උතුරා යමින් තිබේ. 

(12) සහ (13) කුලියාපිටියේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට නායකත්වය දී ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද සහ ගෝඨාභයගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ බව හඳුනාගෙන තිබේ. පෙට්‍රල් කෑන් රැගෙන මෝටර් සයිකල් වල නැගී පිට පළාත් වලින් පැමිණි 200 ක් පමණ මැරයෝ කුලියාපිටියේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන රැසකට සහ මුස්ලිම් පල්ලි 9 කට පහර දී සමහර ස්ථාන වලට ගිනි තබා තිබිණ. 

සිද්ධියට සම්බන්ධ සිව් දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර  ජාතිවාදී සිවුරුකරුවන් සමග පැමිණි පිරිස් පොලිසිය වටලා අත් අඩංගුවේ සිටින පාදඩ මැරයන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කළහ. පොලිසිය ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවමින් අත් අඩංගුවේ සිටි පිරිස හෙට්ටිපොල පොලිසියට මාරු කරන ලද්දේ ය. 

(13) හෙට්ටිපොල පොලිසියට ගිය දයාසිරි ජයසේකර පොලිසිය බාර ජනාධිපතිගේ නියෝග මත යැයි කියා අත් අඩංගුවේ සිටි සැකකරුවන් හෙට්ටිපොලින් බාරගෙන පොලිස් ඇප ලබා දී නිදහස් කරවා ගත්තේ ය. 

ලංකා ඊ නිවුස් ඇසුරෙනි
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :