ads
News
Loading...

බුර්කිනා ෆාසෝ දේශයේ දේවස්ථානයකට ප්‍රහාරයක්


   දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයකට ගිනි තැබූ තුවක්කුකරුවන් දේවගැතිවරයකු ඇතුළු හය දෙනෙකු මරා දැමූ බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලධාරීහු පවසති.

ප්‍රහාරය එල්ල වූයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩබ්ලෝ (Dablo) නගරයේ දී බව ප්‍රදේශයේ නිලධාරියෙක් සහ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.

"සන්නද්ධ පුද්ගලයන් කතෝලික දේවස්ථානයට කඩා වැදුනා ... බැතිමතුන් පලා යාමට උත්සාහ කරන කොට ඔවුන් වෙඩි තියන්න පටන් ගත්තා," ඩබ්ලෝ හි නගරාධිපති Ousmane Zongo ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

ගතව ගිය සති පහ ඇතුළත බුර්කිනා ෆාසෝ හි කතෝලික දේවස්ථානවලට එල්ල වූ තුන්වෙනි ප්‍රහාරය එයයි.

ප්‍රහාරකයන් අසල්වැසි කඩ සාප්පුවලට සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ද ගිනි තබා ඇත.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :