ads
News
Loading...

හලාවතට හදිසි ඇඳිරි නීතිය පනවයි


   හෙට උදේ 6.00ට අවසන්
මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති  සටහනකින් පසු  හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී  ලෙස හැසිරුණ පිරිසක්  පළවා හැරීමට   අහසට වෙඩි තැබීමට  යුද හමුදාවට සිදු විය.

 මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින්   අද  තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී  මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව  ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.

ඒ අතර   පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර  ඒ අවස්ථාවේදී   ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.

පසුව පැයක පමණ කාලයක් ගත වන විට  කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.

කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළ‍ෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය.  මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.
  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :