ads
News
Loading...

කොවිඩ් මළසිරුරක් ඥාතින්ට භාරදීලා



කොවිඩ් මළසිරුරක් නැවත තම ඥාතින් හට නැවත භාරදීමක් පිළිබදව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණිල්ලක් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොමු කර ඇත.පහතින් එම ලිපිය කියවන්න.


ගරු සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය

පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය

සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය,

පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,

කොළඹ 10.


මැතිතුමියනි,


ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ මියගිය #කෝවිඩ්-19 #Covid- 19 රෝගය වැළඳී ඇතැයි සැකසහිත පුද්ගලයාගේ මෘතදේහය පිළිබඳව ඇතිවී තිබෙන ගැටලූව උක්ත කාරණය සම්බන්ධව අප වෙත ලැබී ඇති පහත තොරතුරු කෙරෙහි කඩිනම් අවධානය යොමුකර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.


වයස අවුරුදු 80 ක් පමණ වන පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි රෝගියෙකු දැනට දින කිහිපයකට පෙර ස්වශන රෝග ලක්‍ෂණ සහිතව ඇතුලත් කර ඇත. එම රෝගියා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසගු යි 27 වන දින සවස මියගොස් ඇත. මියයාමට පෙර එම රෝගියාගේ PCR පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇත. එම සාම්පල ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රසායනාගාරයේදී පරීක්‍ෂා කර ඇති අතර එහිදී පරීක්‍ෂණය පොසිටිව් වී ඇති බවට ශ‍්‍රී ජයවර්ධනපුර රොහ් ල වෙත දැනුම් දී ඇත. ඒ අනවු අදාල ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරින් විසින් #කෝවිඩ්-19 #Covid- 19 මූලධර්ම වලට අනුකූලව ආදාහන කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබියදී එය රෝහල් කළමනාකාරිත්වය විසින් වළක්වා ඇති බවට තොරතුරු ලැබී ඇත.


ඉන්පසවු ශ‍්‍රී ජයවර්ධනපුර රොහ් ලේ කළමනාකාරිත්වය විසින් එම මෘතදේහය #කෝවිඩ්-19 #Covid- 19 මූලධර්ම වලට අනුව ආදාහන කටයුතු සිදුකරනවා වෙනුවට මෘතදේහයෙන් පෙනහළු වල සාම්පල (කමබට ඉසදිහ) ලබාගෙන පෙරේදා දිනයේදී (28 දින) අයි.ඩී.එච්. රෝහලේ රසායනාගාරය වෙත යවා ඇත. සාම්පල ලබාගන්නා මොහොත වනවිටත් #කෝවිඩ්-19 #Covid- 19 රෝගයෙන් මියගිය අය සඳහා පාවිච්චි කරන බෑගයකට දේහය බහා මෘතශරීරාගාරයේ තබා ඇත. පළමු පරීක්‍ෂණය පොසිටිව් බැවින් එම රෝගියා රෝහලට රැගෙන ආ පුද්ගලයන් සහ පවුලේ සමීප ඥාතින් නිරෝධායන ක‍්‍රියාවලියට යටත් කර ඇත. ඉන්පසුව ජනමාධ්‍ය නිවේදනයයි ඊයේ දිනයේදී අයි.ඩී.එච්. රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්‍ෂණය නෙගටිව් වී ඇති බැවින් එම රෝගියාගේ මෘත දේහය ඥාතින් වෙත බාරදීම සඳහා රෝහල් කළමනාකාරිත්වය මේ වනවිට තීරණය කර ඇත.

ඒ අනුව එම රෝගියාගේ මෘතදේහය අද දින (30) ඥාතීන් බාරගෙන ආදාහන කටයුතු කිරීම සඳහා හෝමාගම ප‍්‍රදේශයේ නියඳගල කනත්ත වෙත සවස 5.00 ට රැගෙන යාමට මරණ පරීක්‍ෂකවරයා විසින් අවසර ලබාදී ඇති බවට ද තොරතුරු ඇත. මෙම රෝගියා එක්වරක් #කෝවිඩ්-19 #Covid- 19 පී.සී.ආර්. පරීක්‍ෂණ පොසිටිව් වී තිබියදී ඒ අනුව කි‍්‍රයාකරනවා වෙනුවට මියගිය රෝගියාගෙන් සාම්පල් ලබාගෙන එම සාම්පලය නෙගටිව් පමණින් #කෝවිඩ්-19 #Covid- 19 ආසාදනය වී නැතැයි උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි කි‍්‍රයාවකි. එසේම ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ කළමනාකාරිත්වය ගෙන ඇති තීරණය බරපතල ගැටලූ සහගත තත්වයකි. මේ පිළිබඳව වහාම කරුණු සොයා බලා සිදු වීමට යන අනතුරුදායක ක‍්‍රියාව වහාම නවතා මෙම මෘතදේහය #කෝවිඩ්-19 #Covid- 19 මෘතදේහ ආදාහනය කරන මූලධර්ම අනුව කටයුතු කරන ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් කළමනාකාරිත්වයටත්, අදාල ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාටත් දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිමු.


ස්තුතියි.


මෙයට,

වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ප‍්‍රධාන ලේකම්

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :