ads
News
Loading...

කාන්තා ඔබගේ ඇහිබැම ලස්සනට සකසාගන්නෙ මෙහෙමයි



ලස්සන ඇහිබැම යුවළකින් මුහුණකට ගෙන එන්නේ ආකර්ෂණයක්. ඒ නිසා මසකට දෙවරක්වත් අපේ තරුණියන් වගේම කාන්තා ඔබත් මේ ඇහිබැම සකස්කරගන්න රූපලාවණ්‍යාගාරයකට ගොඩවදින්න අමතක කරන්නේ නැහැ.

නමුත් මේ දිනවල සමාජ දුරස්ථභාවය ඇති කරමින් නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටින ඔබට වෙනදා වගේ ඇහිබැම හදන්න රුපලාවණ්‍යාගාරය වෙත යන්න බැහැ.

මේ නිසා විසිරුණු ඇහිබැම දැන් ඔබට වදයක් වෙලා.

වෙනදා මුහුණේ තිබුණ පෙනුම නැතිවෙලා. ඒ ඔබේ සාමාන්‍ය පෙනුම වුවත් මුහුණට අවලස්සනක් එකතුවෙලා කියලා ඔබට සිතෙනවා ඇති. නිවෙසින් පිටතට යන්න අවස්ථාවක් ලැබුණත් අනවශ්‍ය රෝම වලින් මුහුණ පිරිලා නිසා එළියට බහින්නවත් හිතෙන්නේ නැතුව ඇති.

මේක හිතටත් වදයක්. මෙයට පහසු විසඳුමක් තිබෙනවා නම් මේ කරදරයෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම අපි අනවශ්‍ය රෝම ඉවත් කරන ක්‍රම මොනවාද කියල බලමු.

ත්‍රෙඩින් කිරීම.

අද බොහොමයක් සැලෝන්වල අනවශ්‍ය රෝම ඉවත් කරන්න මේ ක්‍රමය යොදා ගැනෙනවා.

නමුත් මෙය හැමෝටම කරන්න බෑ. මේ ක්‍රමයට ඇහිබැම සකස් කරගන්න පුළුවන්කම තිබෙන්නේ මනා පුහුණුවලත් අයකුට පමණයි. නමුත් මේ දිනවල ඔබ නිවෙසටම වී කාලය ගතකරන නිසා අන්තර්ජාලයෙන් මෙයට උදවුවක් ගන්න පුළුවන්.

එහි තිබෙන ආකාරයට අතවටා නූල දවටමින් පියවරෙන් පියවර අනුගමනය කරමින් ත්‍රෙඩින් කිරීම සිදුකර ගත හැකිය.

ට්වීසරය

ඇහිබැම සකස් කිරීමට යොදා ගැනෙන තවත් ක්‍රමයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මේ ට්වීසරය වෙළෙඳ පොළේ අඩු මුදලකට ගන්න පුළුවන් උනත් මගේ නිර්දේශය නම් ඉතා හොඳ තත්ත්වයේ එකක් ගන්න කියන එක.

මොකද හොඳට කෙස් අහුවෙන ට්වීසරයක් නම් ඔබට අවශ්‍ය හැඩය ඉක්මනින් වගේම පහසුවෙන්ම සකස් කරගන්න ලැබෙනවා. ට්වීසරයෙන් ඇහිබැම සකස්කළ යුත්තේ ඇහිබැම වතුරෙන් පෙඟුණ පසුවයි.

උපදෙස් දීපිකා ගුණසේකර

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :