ads
News
Loading...

මම කරපු නපුරු චරිත ගැන කතාකරනවා


අපොන්සු පවුල කියන්නෙ වෙිදිකාව වගේම සිනමාව,පුංචි තිරය තුලත් චරිතාංග ගුණය පෙන්වපු රංගන ශිල්පිනියක් සහ රංගන ශිල්පීන් දෙදෙනෙක් ක්ෂේත්‍රයට උරුම කරපු පවුලක්.අද ගොසිප්ලන්තය " අතීත මතක " තුලින් ඔබ සමඟ එකතු⁣වන්නේ ප්‍රවීන රංගන ශිල්පී අවන්ති අපොන්සු යි.

" මොන මගඩියක් හරි කරලා දුව කරේ එල්ලන්න පුතා ට හොඳ තැනකට බන්දලා දෙන්න ඔය වගේ චරිත කොහොමත් මාව ගන්න අය හිතන්නේ "

"අපි පාතාලයේ සොල්දාදුවෝ නම් නැවත කරන්න ඉන්නකොට තමයි කොවිඩ්  ආවෙ "

අවන්ති අපොන්සු ආපහු වැඩ පටන් අරගෙන නේද...කියන්නකො මෙි දවස්වල විස්තර?

ලොකුවටම නැහැ ටෙලි 2 වගේ කරා.ශ්‍රියානි අමරසේන නිෂ්පාදන කළමණාකරණය කරන කුංචනාද එකේ අධ්‍යක්ෂක කිස්ටි ෂෙල්ටන් පනාන්දු ශ්‍රීයානි මහවත්ත නිශ්පාදනය කරන එකක් සහ ඉරේෂ් ලොකු බණ්ඩාර එකක්.දැනට ශ්‍රියානි අමරසේන ගේ එක ඉවරයි
අනිත් 2 කොටස් 15 වගේ.

ටික කාලයක් නිහඬව හිටියනෙ.පරණ යාළුවො ටික එක්ක වැඩ කරත්දි අතීතයත් මතක්වෙන්න ඇති?

ඔව්. ශ්‍රියානි අමරසේන අක්කා ටෙලි නාට්‍ය ගොඩක් නිෂ්පාදනය කරාට මම සහභාගි වුනු එක මේක තමයි. මම ටෙලි නාට්‍යය පළමුව රංග පෑ එකෙත් එයත් එක්ක තමයි ඉස්සර වෙලාම රංග පෑවේ අවුරුදු 35 කලින්. හැබැයි කුංචනාද අපි දෙන්නා එකට රංග පෑවේ නැහැ.ඒ ලූෂන් බුලත් සිංහල මහතාගේ එක මවකගේ දරුවෝ නාට්‍යය 

ක්ෂේත්‍රය කාලෙන් කා⁣ලයට වෙනස්වෙනව.නව පරපුර එක්ක වැඩකරත්දි අවන්ති ට ඒ අත්දැකීම දැනෙන විදිහ

නව පරපුර ගොඩක් දක්ෂයෝ ඉන්නවා මට නම් එදා මෙදා තුර කරදර ඇති කරන නව පරපුරක අය හම්බ වෙලා නැහැ.

අලුත් චරිතය ගැනත් කියමුද

මෙහෙමයි ලැබුණු හැම චරිතයක්ම මට නම් ඒක වගේ කියලා හිතෙනවා ඇති නැති පරතරය විතරයි වෙනස් මොන මගඩියක් හරි කරලා දුව කරේ එල්ලන්න පුතා ට හොඳ තැනකට බන්දලා දෙන්න ඔය වගේ චරිත කොහොමත් මාව ගන්න අය හිතන්නේ මට ඒව දක්ෂ ලෙස කරන්න පුළුවන් කියලා නේ.අළුත් දෙයක් කරන්න ලැබෙන වනම් හොඳයි කියලා හිතෙනවා.හැබැයි ඒ හැම එකකටම සාධාරණයක් ඉටු කරන්න තමයි මම උත්සාහ කරන්නේ කොහොම හරි.



ඒ කාලෙ හිටපු රසික රසිකාවියන් තාම අවන්තිට කතාකරනවද.

එහෙම කෝල් කරන්නෙ නැහැ.ඒත් පාරට බැස්සම මගේ පරණ නාට්‍යය නැරඹූ සියලුමරසික රසිකාවියන් වේදිකා සහ ටෙලි ගැන කතා කරනවා ඔවුන් තාමත් ඒවා අගය කරනවා මම වැඩි වශයෙන් කරපු නපුරු චරිත උනත් එයාල ඒ ගැනත් කතා කරනවා ඒ වගේම කියන්න සතුටුයි මම සැබෑ ජීවිතයේ නපුරු චරිතයක් නොවන බව අවබෝධ කරගෙන සිටීම ගැන සමහරු නම් කියනවා අපි ඔයත් එක්ක කතා කරන්න බයේ හිටියේ කියලත් මට ආදරය ගෞරවය කරන සෑහෙන පිරිසක් සිටින එක ගැන මම නිරහංකාර සතුටක් ලබනවා හැම විටම ඒක මෙරට පමණක් නොව පිටරටකට ගියාම උනත් මම ලබනවා.

අපිට මතකයි එදා තටු වෙිදිකා නාට්‍යය.නැවත එවන් නාට්‍ය දකින්න ලැබුනෙ නෑ අපට

ඔව්. දැනට අවුරුදු 2 කලිනුත් ඒක නැවත පටන් ගත්තා අතරමග ආපසු නැවතුනා අපේ දයාබර රසික රසිකාවියන් හරිම කැමති ඔවුන් කියන්නේ ඒක නරඔන්න දැන් තුන්වැනි පරම්පරාවක් ඉන්නවා ඒ නිසා නැවත එය කරන්න කියලා නමුත් අයියා එය නැවත කරන්න අදහසක් නැහැ. අපි පාතාලයේ සොල්දාදුවෝ නම් නැවත කරන්න ඉන්නකොට තමයි කොවිඩ්  ආවෙ

ඒ කියන්නෙ පාතා⁣ලයේ සොල්දාදුවො ගැන සුභවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්

ඔව් ඇත්තටම මේක විශේෂත්වය නම් අයියා රංග පාන්නේ නැහැ පරණ අයගෙන් මම දීපානි සිල්වා,තිලක් කුමාර රත්නායක ඉන්නවා

පවුලෙ අය දැන් ඉන්නෙ විවිධ තැන්වල ඒ සතුටත් බෙදාගමු


ඔව් නංගිලා දෙන්නයි එක්කෙනෙක් ඇමරිකාවේ අනිත් එක්කෙනා ඕස්ට්‍රේලියාවේ මල්ලි මම අයියා පමණයි ලංකාවේ.පස්දෙනාම එකතු වෙන දවස තමයි සතුට ඒක ඉෂ්ඨ වෙයිද නොවෙයිද කියන්න බැහැ


ගොසිප්ලන්තය සමඟ මෙි කල කතාබහ ඇතුලෙ ඔබට දැනෙන දේත් දැනගන්න කැමතියි.ඒ වගේම සුභ පතනව අනාගත රංගන කාර්යයට


ඇත්තටම ස්තූතියි මාව මෙයට සම්බන්ධ කරගත්තාට කල කතා බහ ගැනත් සතුටට පත් වෙනවා



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :