ads
News
Loading...

මට අපහසුවක් දැනෙනව


සුමති සම්මාන ය අග්‍රාමාත්‍ය බිරිද ශිරන්ති රාජපක්ෂ අතින් ලබාගැනීම ගැන සමනලී රාජපක්ෂ හට චෝදනා එල්ලවුනි.ඇය ඊට මෙසේ පිළිතුරක් ලබාදී තිබුනා.


"සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය ලැබීමෙන් පසු විවිධ වර්ගයේ ප්‍රතිචාර ලැබෙමින් පවතී. මා ශිරන්ති රාජපක්ෂ අතින් සම්මානය ගන්නා ඡායාරූපය සමඟ ෂෙයා වන අදහස් කියවන විට මට විටෙක අපහසුවක් දැනේ. තවත් විටෙක එය මට මේ මොහොතේ 'ආචාරධාර්මිකවීම' යනු කුමක් ද යන්න සිතන්නට බල කර සිටියි. ඒ මොහොතේ මා එම සම්මානය ප්‍රතික්ෂේප කළා නම් හෝ ඇය අතින් ලබා ගැනීමට නොහැකිබව පැවසූවා නම් හෝ මගේ ආචාරධාර්මිකත්වය සහ දේශපාලනික නිවැරදිභාවය සුරැකෙනු ඇති ද? නමුත් සුමති සම්මාන උළෙලට මා ගොස් ඇති නිසා සුමති සම්මානය සමඟ පහසුවෙන් සම්බන්ධ කළ හැකි දේශපාලන හා ආර්ථික අශ්ලීලත්වය විසින් නැවතත් මගේ ආචාරධාර්මිකබව ප්‍රශ්න කරනු ඇත. සුමති සම්මාන උළෙලට නොගිහින් සිටියා නම්, මා වෙනත් පෞද්ගලික ආයතයක් විසින් සංවිධානය කරන සම්මාන උළෙලවල් වලට ගොස් ඇති නිසා විමසනු ඇත්තේ සුමති ප්‍රාග්ධනයට වඩා ඔවුන්ගේ ප්‍රාග්ධනය ෂෝක් ද කියා ය. මා හට ඒ එකකටවත් නොගිහින් සිටිය හැකි ය. එවිට මගේ ආචාරධාර්මිකත්වය සුරැකෙනු ඇති ද?

මා රංගනයේ යෙදෙන ටෙලිනාට්‍යය හා චිත්‍රපට නිර්මාණය වන්නේ කවුරුන් හෝ යොදන ප්‍රාග්ධනය නිසාය. මේ ප්‍රාග්ධන අතිරික්තයන් කුමන හෝ ආකාරයක සූරකෑමක් හා සම්බන්ධ වී තිබිය නොහැකි ද? එසේ නොවුනා යැයි සිතමු. ටෙලිනාට්‍ය විකාශය වන්නේ නාලිකා වලය. ඒ නාලිකා මොනවාදැයි බොහෝවිට අපි කලින් දැන සිටින්නේ ද නැත. ඒ නාලිකා වලට සම්බන්ධ දේශපාලන හා ආර්ථික අශ්ලීලත්වයන් සඟවා දැමීමට මා සහභාගී වූ නිර්මාණ පාවිච්චි වී නැති ද? එසේ වුව ද මට මාගේ මතයන් ප්‍රකාශ කළ හැකි අවකාශයන් අහුරා ගැනීමට උවමනා නැත. මන්ද ඒ අවකාශයන් තුල මා පෙනීසින්නේ මා විශ්වාස කරන තැන් වල පමණි. එම විශ්වාසයන් බහුතරය වෙත ගෙන යා හැකි මාර්ගයන් වසා ගැනීමෙන් මගේ වපසරිය තව තවත් කුඩා වීම මිසක් වෙන යමක් සිදු නොවේ. ලැබෙන අවකාශයන් පාවිච්චි කරමින් මම විශ්වාස කරන, මගේ ප්‍රකාශනය සිදු කිරීමට මට ලැබෙන අවස්ථාවන් මා මගහරවා ගතයුතුද?

මගේ ජීවිතයේ ආචාරධාර්මිකබවේ සීමාව ගැන මට අවබෝධයක් සහ ස්වයං විවේචනයක් තිබේ. සැම්සන්ග් සමාගමේ ශ්‍රම සූරාකෑමේ ප්‍රචන්ඩත්වය දනිමින් වුව ද මම එම නිෂ්පාදන භාවිත කරමි. මා බොන කෝපි වල අප්‍රිකානු වහල් ශ්‍රමය තිබිය හැකි බව දනිමින් වුව ද මම ඒ කෝපි පානය කරමි. මේ යුගය තුල ආචාරධාර්මිකවීම යනු කුමක් දැයි මා දන්නේ නැත. මේ අතර මා විවිධ සමාජ අසාධාරණයන්ට විරුද්ධව දේශපාලනික මැදිහත්වීම් සිදුකර ඇත. සමහර අවස්ථාවන් හිදී මගේ කලා ජීවිතයට හා ජීවිතයට තර්ජනය වනතාක් දුරටම මා එය කර ඇත. හෙට දිනයේ ද එසේ සිදු කිරීමට මැලි නොවෙමි. එසේ කිරීම නිසා මා පරිපූර්ණ රැඩිකල් දේශපාලන ආත්මයක් බවට පත් වන්නේ නැත.
මගේ ෆේස්බුක් ගිණුම පුරා ඇති මා පූසන් සමග මගේ කාලය ගත කරන හැටි, මා උයන කෑම වල පින්තූර ආදියෙන් පෙන්වන්නේ මා නැමැති මනුෂ්‍යයාගේ තවත් පැත්තකි.

මා මේ සම්මානය ප්‍රතික්ෂේප කළා නම් ඔබ මා වීරයෙකු කරන හැටි මට දැන් මේ ලියවෙන දේ කියවන විට මැවී පෙනේ. ඔබට වීරයන් අවශ්‍ය බව මම දනිමි. නමුත් මේ වීරත්වය විසින් සඟවනු ලබන මා හොඳින් දන්නා මගේ ආචාරධාර්මිකබවේ සීමාව මට ඇති කරන්නේ අසීරුවකි. ඒ නිසා මේ සම්මානය මා ලබා ගැනීමෙන් ඔබට ඇති වූ අපහසුවට මට සමාවන්න...!"

- සමනලී ෆොන්සේකා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :