ads
News
Loading...

ගීතය නරඔපු වාර ගනන ගැන නැවත හිතන්නෙ නෑ



මෑත කාලීන ගීත රචනා සිදුකරන අය අතර රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේගෙ සිරිපතුල් ගෙවෙනකම් ගීතය අන්තර්ජාලය තුල ප්‍රතිචාර ලැබෙන වෙනස්ම ගීතයක්.ඉතින් ඒ ගැන දැනගන්න අපි උන්වහන්සේව මෙලෙස සම්බන්ධ කරගත්තා.


කොහොමද සිරිපතුල් ගෙවෙනකම් ගීතය නිර්මාණය වෙන්නේ.?

සිරිපතුල් ගෙවෙනකම් බුදු ගුණ ගීතය මන් රචනා කරලා පද ටික මුලින්ම දක්ෂ සංගීත අද්‍යක්ෂවරයෙක් වන අමිල මුතුගල අයියට whatsapp හරහා යව්වා දින කිහිපයකින් හොද තනුවක් දාලා සංගීතය නිර්මාණය කරලා එව්වා මන් අහලා බලනකොට මන් හිතුවටත් වඩා හොදට වැඩේ හැදිලා තියෙනවා

රෝස් අලගියවන්න සහ මනේජ් සංජය දෙදෙනා සම්බන්ධ කරගෙන ගීතය කරන්න හේතුව?

ඇත්තටම මගේ පුරුද්දක් තමයි ටිකක් මන් කල්පනා කරලා බලලා නිවාඩු පාඩුවේ තමයි මේ ගී නිර්මාණ සියල්ලම කරන්නේ සමහරවිට වසර එකහමාරක් වගේ වැඩ නිමා කරලා නිරික්ෂණය කරලා තමයි ප්‍රචාරය කරන්නේ ඒ වගේම මේ නිර්මාණයත් එහෙමයි මන් මුලින්ම රෝස් අලගියවන්න අයියට ඇමතුමක් අරන් මේ ගීතය යව්වා අහලා කැමති වුණා ඉන් අනතුරුව නාමල් කොළඹආරච්චි අයියා හරහා තමයි මනේජ් සංජය අයියා මුණ ගැහෙන්නේ මන් මේ දෙන්නට පුද්ගලිකව හඩට කැමති ඒ නිසා තමයි මේ දෙන්නව තෝරගත්තේ මේ සුසංයෝගයෙන් නිර්මාණය කිරීම බොහෝ දෙනෙක් හොදයි කියලා අගයලා සුබ පතලා තිබුනා..



ඉදිරි නිර්මාණ තොරතුරු මොනාද?

මන් මේ දවස්වල නිර්මාණ කිහිපයක්ම කරගෙන යනවා ඉතා ඉක්මනින්ම Release කරන්න තමයි හිතන් ඉන්නේ නිර්මාණයක් කරනකොට නිර්මාණයයේ ප්‍රමිතිය ගැන විතරයි මන් හිතන්නේ අනික විවුස් කීයද ඩවුලෝඩ් කීයද කියලා මන් සොයන්නේ බලන්නේ නෑ හෙමින් ගමන කෝකටත් හොදයි කියනවානේ


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :