ads
News
Loading...

පුංචි තිරයේ සුට්ටා කියපු කතාව


චමීර සිල්වා කියන්නෙ රංගනයෙන් වෙනස් විදියට දැකපු කෙනෙක්.පහුගිය කාලෙ චමීර ගැන කතාබහට ලක්වුනෙ ඡායාරූප කිහිපයක් හරහායි.ඉතින් අද අපි ගොසිප්ලන්තය හරහා කතාකරන්නෙ චමීර රංගනයේ දක්වන සමත්කම් ගැනයි

චමීර ව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩිපුර හදුන්වන්නෙ කොයි විදියටද?

සුට්ටා විදියට

සුට්ටා ක්ෂේත්‍රයට ආපු විදිහෙන්ම කතාබහ පටන්ගමු නේද
සනත් අබේසේකර මහත්තයාගේ උරුමයක අරගලය ටෙලිනාට්‍යයෙන් ඒ නාට්‍යයේ මගෙ චරිතය තමයි සුට්ටා

චමීර ගේ පාසැල් කා⁣ලයේ පටන් තිබුන හීනයක්ද මෙික?
ඔව් මං පාසල් වේදිකාවේත් රංගනය කරලා තියනවා. මහදැනමුත්තා නාට්‍යයේ ඉදිකටුපැංචා ලෙසත් තවත් අභිරූපන රංගනයන් වලත් යෙදී තියනවා.ඒ කාලේ ඉදන් තිබුන ආසවක් තමයි දැන් මේ කර ගෙන යන්නෙ

ඉතින් චමීරට පසුතලය තුල වෙනස් අත්දැකීම් වලට ලක්වෙන්න සිදුවන්න ඇති?

ඔව් මට ලැබුන චරිතයන් එකිනෙකට වෙනස් නිසා ඒ ඒ චරිත මට වෙනස් අත් දැකීම් ගෙනත් දුන්නා

අපිට එහෙම වෙච්ච දෙයක් ගැන කිව්වොත්?
එක්තරා නාට්‍යයක් රූගත කරන අතරතුර දර්ශන තලයට චන්ඩි කිහිපදෙනකු පැමිණ රූගත කිරීම්වලට බලපෑම් කලා.ඊට පස්සෙ කට්ටිය සද්දයක් නැතිව හිටිය නිසා ඒ අය යන්න ගියා

චමීර රංගනයට අමතර විශේෂ දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක් කියල ආරංචියි
ගීත ගැයීම හා නර්තනයත් කරනවා


චමීර වැඩිපුරම කැමති චරිතයත් ඒකට එච්චර කැමති වෙන්න හේතුවත් ?

සුට්ටා හා පොඩිමහත්තයා යන චරිතයවලට ගොඩක් කැමතියි සුට්ටා චරිතය විවිධ අකරතැබ්බයන් හා පීඩනයන්ට ලක් වුනු නිසාත් එය ප්‍රේක්ෂකයන්ගෙ ඉහලම ජනාදරයට ලක් වූ නිසාත් මම ඒ චරිතයට ආදරෙයි.

චමීරගෙ පවුලෙ අයත් කලාවට සම්බන්ධ අයද?එයාලා ගැනත් අපි දැනගන්න කැමතියි

නෑ. අම්මයි මමයි විතරයි ඉන්නෙ තාත්තා නැතිවෙලා

ඉදිරියෙදි දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු?
මේ දවස්වල මහවිරු පණ්ඩු විකාශය     වෙනවා. ඉදිරියේදී ඉර දරුවෝ ටෙලිනාට්‍ය, ගුත්තිල හා සාරිගප්පි චිත්‍රපටි මෙන්ම ඔරායන් ටෙලිචිත්‍රපටයද විකාශය වීමට නියමිතයි

ඉතින් ගොසිප්ලන්තය චමීරට අපි ඉදිරි රංගන ජීවිතයට සුභ පතනවා.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :