ads
News
Loading...

කෑගල්ලේ -හොලොම්බුව ,නවට ජලාශ හදන එක නවතියිද ?



ගලිගමුව, වරකාපොළ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මේ පිළිබඳව තිබුණ විරෝධයක් තිබුනා.....

කෑගල්ලේ දිස්ත්‍රික්කයේ , හොලොම්බුව හා නවට ජලාශ නැවත ඉඳිනොකරන බව වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්  දන්වා එවු ලිපියේ සඳහන් යම් කාරණාවන් කිහිපයක් සම්බන්ධ ව කෑගල්ල දිස්ත්‍රික්  ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා තම අදහස් මෙසේ පල කරනවා.

හොලොම්බුව හා නවට ජලාශය ඉඳිකිරීම දීර්ඝ කාලයක් තිස්සේ මතුවෙමින් නැවත යටපත් වෙමින් දීර්ඝ කාලීනව ඇදී ආ යෝජනාවක්. එහි ඉතිහාසය දශක ගණනාවක් ඈතට දිවෙනවා.
මෙම සාකච්ඡාවට බඳුන් වී ඇති ලිපිය ඒ පිළිබඳ ව අවසාන තීරණය දැන් වූ ලිපිය. මේ පිළිබඳ මෙම සටහන ම'විසින් මීට කලින් ලිවිය යුතු වූවත් අයහපත් කාලගුණය මතත්, දිස්ත්‍රික් පරිසර සමුළුව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ නිසාත් (2018/06/04) මගේ අතින් තරමක් ප්‍රමාද වුණා. නමුත් වගකීමක් ලෙසත් යුතුකමක් ලෙසත් මම ඒ පිළිබඳ මගේ අදහස සටහන් කළ යුතු වෙනවා. 
මේ සංසරණය වන ලිපිය මගේ කාර්යාලයට ලැබුණ ලිපියක පිටපතක්. එය එසේ සංසරණය වීම රාජකාරිමය වැරැද්දක්. මේ පිළිබඳව සොයා බැලූ විට දැනගන්නට ලැබුනේ එය සද්භාව චේතනාවෙන් කළ එකක් බවය. ඒකට හේතුව ගලිගමුව, වරකාපොළ  වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මේ පිළිබඳව තිබුණ විරෝධය.  මුලින්ම මෙය සමාජ ගත කළ අයට අවශ්‍ය වී තිබුනේ සතුටුදායක ආරංචිය ප්‍රචාරය කරන්න. 
හොලොම්බුව හා නවට ජලාශ ගම් කිහිපයක්ම යටවන්නට නියමිතව තිබුණා. ඵෙතිහාසිකව වැදගත් පූජනීය මෙන්ම ස්මාරක කිහිපයකුත් ඒ අතරම තිබුණා. පහුගිය අවුරුද්දේ අයවැය යෝජනා වලින් මෙම ජලාශ  ඉඳිකිරීමේ හැකියාව විමසීමට මුදලක් වෙන්කර තිබුණා. ඒ ආරංචිය මේ ගම්බිම්වල ජීවත් වෙන සියළුදෙනාගේ සිත් සතන් සලිත කර තිබුණා. විශාල විරෝධතා පැනනැගුණා. වෙනම ම සංවිධාන මතුවුණා. අත් පත්‍රිකා බෙදුණා. රැස්වීම්, විරෝධතාවන් විශාල සංඛ්‍යාවත් පැවැත්වුණා. 
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ දී දේ ප්‍රදේශයේ පැවති ප්‍රධාන සටන් පාඨය ත් මේ ජලාශ පිළිබඳ යෝජනාව.
මෙය පැහැදිලි කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වුණා. ඒ සඳහා මැදිහත් වුණ නිලධාරීන්ට අමිහිරි අත්දැකීම්වලට පවා මුහුණ දෙන්න සිදුවුණා. 
දිස්ත්‍රික් පරිසර සමුළුව පැවැත්වීමට ගත් තීරණයත් සමඟ මෙම ගැටළුවට නිශ්චිත පිළිතුරක් මහජන නියෝජිතයින්ගෙන් මෙන්ම මහජනතාවගේත් ඉල්ලීමක් වුණා. ඒ නිසා මේ පිළිබඳව නැවත අප විසින් අමාත්‍යශයේ (වාරිමාර්ග) හා ජනාධිපති කාර්යාලයේ අවධානයට යොමුකළා. 
මේ ප්‍රස්තූත ගත ලිපිය මෙම ජලාශ ඉඳිනොකරන බවට දන්වා එවූ ලිපියයි. මේ ලිපිය යොමුවේ පොඩි අඩුපාඩුවක් ක් තිබුණත් ම් ප්‍රශ්නයට ඉතා කඩිනමින් මැදිහත්ව ඉතා කෙටි කාලීනව මෙම තීරණය ගෙන ඒ තීරණය දැන්වීමට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා දැක්වූ උනන්දුව හා කාර්යක්ෂමතාව ඉතාමත් ප්‍රශංසනීය බවයි මාගේ පෞද්ගලික අදහස. මේ තීරණය සමඟ හොලොම්බුවේ ජනතාවට මහත් සහනයක් දැනෙන බව මම පෞද්ගලිකව දන්නවා. විශේෂයෙන් මේ ගම්මාන කිහිපයකම ජනතාවට පසුගිය මාස කිහිපය පුරාම නිවාස ණයක්වත් ගන්න බැරි තත්ත්වයක් උදා වී තිබුණා. ඇතැම් ව්‍යාපාර බිඳවැටී තිබුණා. ගොඩනැගෙමින් තිබූ සමහර නිවාස වල වැඩ නැවතී තිබුණා. මේ තත්ත්වය හොඳින් දන්නා අය අතර  ගලිගමුව, වරකාපොළ හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම්වරුන් ද ඉන්නවා. 
ඒ නිසා ලේකම්වරයා කඩිනමින් ගත් තීරණය හා එය දිනක්වත් පමා නොකර දැන්වීම මටනම් රාජ්‍ය සේවය තුළ එතරම් බහුලව නොලැබෙන අත්දැකීමක්. ඒ නිසා මේ ලිපියේ තිබෙන සුළු අඩුපාඩුව පිළිබඳව සාකච්ඡා කිරීම නැවැත්වීම සුදුසු බවයි මගේ යෝජනාව. රාජ්‍ය සේවයේ සිටින බොහෝ දෙනා අතින් මෙවැනි වැරදි සිදුවෙනවා. ඒක සුදුසු දෙයක් නොවෙයි. නමුත් මෙවැනි සුළු කරුණක් විශාල කර ගැනීම ඔහුගේ රාජකාරී කැපවීම අවතක්සේරුවට ලක්කර තිබෙන බවයි මගේ අදහස. 
පහුගිය දවස්වල දිගින් දිගටම ඇද හැලුණ වැස්සත් එක්ක දිස්ත්‍රික්කයේ පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් උනා. මරණ 03 ක් සිද්ධ වුණා. අපේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරී කණ්ඩායම මේ තත්ත්වය හොඳින් කළමනාකරණය කරා. ඒ අතරේ මට දිගටම උදේ හවස දුරකතන ඇමතුම් දීලා තවදුරටත් මොනවද කරන්න ඕන, මොනවද අවශ්‍ය සහය කියලා අහපු කෙනෙක් ඉන්නවා. ඒ මේ ලියුම අත්සන් කරපු ලේකම්වරයා (ඉංජිනේරු එන්.එ්. සිසිර කුමාර ) මට නම් ඔහු ගැන තියෙන්නෙ. ආදරයක්, ගෞරවයක්. 
(ඔහු වර්තමානයේ ආපදා කළමනාකරණ ලේකම්වරයා ද වෙනවා.)


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :