ads
News
Loading...

සරාගී අධ්‍යක්ෂක චරිත් එහෙම කිව්වෙ ඇයි..?

               

ටෙලිනාට්‍යය කලාව ගොඩ දාන්න ඕනෙ කියල ඇම්මක් මට තියෙනව....


හෙට ඉදන් සතියේ  දවස්වල සිරස ටීවී තුලින් රාත්‍රී 8.30ට..

චරිත් ගෙ අලුත්ම නාට්‍යය මිණිගන්දෑල  එන්නෙ සදුදා සිරස ටීවී එකේ රෑ 8.30ට ඉතින් එයා අධ්‍යක්ෂණයකල මිණිගන්දෑල ගැනත් ඉරාජ් ගෙ අලුත් වීඩියෝව ගැනත් කතා කරන්න ගොසිප්ලන්තය සති අන්තයට අපි චරිත් අබෙිසිංහත් එක්ක එකතුකරගත්තා.

චරිත් පහුගිය කාලෙ නිහඬව හිටිය ට අලුත් 
වැඩකට මහන්සි වුනා නේද?
 ඔව්.සෑහෙන්න මහන්සි වුනා.

මිණිගන්දෑල වෙනස් නමක්.නමින්ම අපි වැඩෙි ගැන කතාකරන්න පටන්ගමු
මිණි පුරය එහෙමත් නැත්නම් රුවන් පුරය කියන්නෙ රත්නපුරේට කියන තවත් නම්..රත්නපුරෙන් පටන් අරගන්න නිසා කලු ඟඟට මිණි පුර නදිය කියනව ..ඒක කෙටි කරල තමයි මිණිඟඟ කිව්වෙ.මිණිගංදෑල කිව්වෙ කලු ඟං මිටියාවත කියන එකට

චරිත් සිනමාවට වඩා ටෙලිනාට්‍ය තුල තමන්ගේම තැනක් හදාගත්තෙ මෙි කියන අනන්‍යතාවය ඇතුලෙ 
ඇත්තටම මම සිනමාවට තමයි ගොඩක්ම කැමති..නමුත් වර්තමානයේ වල් වදිමින් තිබෙන ටෙලිනාට්‍යය කලාව ගොඩ දාන්න ඕනෙ කියල ඇම්මක් මට තියෙනව


ඔය ඇම්ම අස්සෙ බාධක එහෙම නැතුවමත් නෙවෙයි
මුදල තමයි ප්‍රධානම බාධකය.හරි මුදලක් නොගෙවීම තුල උසස් නිර්මාණයක් කරන්න ඉඩක් නැති වෙනව.එතනදි නිර්මාණ කරුවන් හිර වෙනව

දුර්ලභ දර්ශන තල හරහා ටෙලිනාට්‍ය තුල ජීවගුණය ඇතිකරන්න චරිත් මහන්සිවෙනව නේද
අපි පෙන්නන්න දේවල් වලින් නරඹන්නන්ගේ රසිකත්වය වර්ධනය කිරීම නිර්මාණ කරුවන් විදිහට අපි සතු වගකීමක්..ඒකට මම මහන්සි වෙනව...දර්ශන තල වගේම තාත්වික රඟපෑමද නලු නිළියන් තෝරා ගැනීමද වැදගත්

ඒවගේම චරිත්ගෙ නිර්මාණ වලට තෝරගන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් එය හරියට දන්නව.ඒ ගැන අදහස
රන්ගන ශිල්පියා යනු අධ්‍යක්ෂක වරයාගේ මෙවලමක් මගේ පිටපතේ සිටින චරිතය ඔවුන් ඇතුලෙන් සොයා ගැනීම මා සතු වගකීමක් ඒ වගේම ..රංගන ශිල්පියෙක් වුනාම දැනගන්න ඕන අධ්‍යක්ෂක   තුල ඉන්න තමන් නිරූපනය කරන චරිතය සොයා ගන්න... ඕක නොදන්න අයත් ගොඩක් ඉන්නව..දෙන්නම ඒ චරිතය සාර්ථකව සොයා ගත් තැන්වල අද්යක්ෂන සහ රංගනය සාර්ථකයි

ගුණාත්මක නාට්‍යයක් හදලා වුනත් ඒවත් පෝලිමෙි තියන්න වෙන අවස්ථාත් තියෙනව නේද
ඔව් ඒක නම් එහෙම තමා.
මිණිගන්දෑල සදහා එකතුවන පිරිස ගැනත් මතක් කරමු
පිටපත ප්‍රියාල් වීරසිංහගේ ,කමරා අධ්‍යක්ෂනය චන්දන ජයසිංහ අංගරචනය නලීන් ප්‍රෙමතිලක 
සංගීතය සමන් ලෙනින්කලා අධ්‍යක්ෂණය දම්මික හේවාදුවත්ත නින්පාදනය තරංග අතුරලියගීත ගායනය අමරසිරි පීරිස් රංගනයෙන් දායක වෙනවා 
හේමසිරි ලියනගේW ජයසිරිවසන්ති චතුරාණි 
ශ්‍රියන්ත මෙන්ඩිස් උද්දික ප්‍රේමරත්න තිසුරි යුවනිකා 
හිමාලි සයුරංගි මේනකා පීරිස් උදයන්ති කුලතුංග ඇතුලු ප්‍රවීන සහ නවක රැසක්..ලියන්න ගියොත් තව විශාල ප්‍රමාණයක් ඉන්න නිසා මෙතනින් නැවතුනා..මගේ නිෂ්පාදන කණ්ඩායම මේ වෙලාවෙ මතක් නොකරම බෑ


රගපෑමටත් වඩා මෙි වගේ නාට්‍යයකඅධ්‍යක්ෂණය භාරධුර වැඩක් නෙ
අනිවාර්යෙන්ම..රඟපෑමෙදි වගකිය යුත්තේ තමන් නිරූපනය කරන චරිතයට අධ්‍යක්ෂනයෙදි සමස්ත නිර්මාණයටම..ඉතින් මේක ඊට වඩා අමාරුයි.නමුත් මේ අභියෝගයට මම ආසයි..

දැනට ක්ෂෙත්‍රයේ ඉන්න සරාගීම අධ්‍යක්ෂවරයා වෙච්ච චරිත්ගෙ ඊලග අභියෝග මොකක් වෙයිද
මම අධ්‍යක්ෂනය කරන පලවෙනි චිත්‍ර පටිය..ඒක තමයි මේ දිනවල දකින සිහිනය..රඟපෑම තුලින්නම් මාව ඕනෙ තරම් දකින්න ලැබෙයි. නමුත් අධ්‍යක්ෂනය තුලින් ලෝකෙට යන්නයි මම හීන දකින්නෙ..

ඉරාජ්ගෙ නිර්මාණ වල ට ආරාධනා ලැබුනෙ කොහොමද?
කව්රුත් වැඩිය නොදන්නව වුනාට ඉරජ්ගෙ Studio එකේ මම ගොඩක් මගේ වැඩ කරනව විශේෂයෙන්ම සංස්කරණ කටයුතු සහ වර්ණ සංකලන වැඩ..ඒ හිතවත්කම තමයි..

මෙි පාර අපිට දකින්න ලැබුනෙ සමාජයේ තියෙන ගැටළුවක් ගැන.කොහොමද ප්‍රතිචාර
ඉතාම හොඳයි..අපි දන්නව කාන්තාවන් මේ ප්‍රශ්නෙදි කොච්චර අසරන වෙනවද කියල..එයාල ගොඩක් වෙලාවට එලියට එනවා අඩුයි..ඉතින් මේ දේවල් හැමදාම යටවෙලා තියෙන්නෙ. ඒකට පුරුෂ ආධිපත්‍ය කිව්වත් වරදක් නෑ..

අලුත්ම අධ්‍යක්ෂණය මිණිගන්දෑල අපිට දකින්න ලැබෙන්නෙ කවදා ඉදන්ද?
ජුනි මාසයේ 11සිට සතියේ දිනවල සිරස ටීවී තුලින් රාත්‍රී 8.30ට..

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :