ads
News
Loading...

නිරුවත් චරිත නම් මට එපා


   ගංගු රොෂානා ක්ෂේත්‍රය තුල කාලයක් ආපු  නිලියක්.ගංගු ගැන පලවුනු සම්මුඛ සාකච්චාවකි මෙි.
  පසුගිය කාලයේ මොනවද කළේ?

 විශේෂ දෙයක් නැහැ. කොහොමත් ඉතිං මගේ වැඩ හැමදාම එක දිගට ඇවිත් නැහැ. කාලෙන් කාලෙට තමයි ඇවිත් තියෙන්නේ කොහොම වුණත් මම ඒක හොඳ දෙයක් විදිහටයි දකින්නේ.

 නිතර දකිනවාට වඩා කාලෙකින් දකින්න ලැබෙන එක හොඳයිද?

 කාලයක් ක්ෂේත්රයේ රැුඳිල ඉන්න නිසා ඉඳල හිටල දකින එක හොඳයි කියලයි මම නම් හිතන්නේ.

 එහෙම වුණහම ඔබව මිනිස්සුන්ට අමතක වෙලා යාවි නේද?

 මම ඇවිල්ලා කලාකාරිනියක්. කලාකාරිනියකගේ නිර්මාණ එක දිගට එන්නේ නැහැනේ. ඒ ඒ කලාකරුවාගේ කලාකාරිනියගේ නිර්මාණ කාලෙන් කාලෙට එන්න පුළුවන්. සමහර කලාකරුවෝ හැමදාම නිර්මාණවල ඉන්නවා. තවත් සමහරු අපි වගේ කාලයක් අරගෙන නිර්මාණවල ඉන්නවා. එක එක්කෙනා තමුන් කරන දේ විවිධ විදිහට කරනවා.

 එතකොට ගංගු වෘත්තීය නිළියක් නෙමෙයි එහෙමද?

 මම හිතන්නේ නැහැ මේක ලංකාවේ වෘත්තීය නිළිය කරගන්න පුළුවන් වේවි කියලා. මේ වෙලාවේදී මම කොහොමත් වෙන වැඩක් කරන්නේ නැහැ. කලා කටයුතුවල තමයි නියැළෙන්නේ. ඒ වුණත් මම ලංකාවේ කලාව ඇතුළේ මොන දෙයක් වුණත් වෘත්තියක් කරගන්න බැහැ කියලයි මම නම් හිතන්නේ.

 නිම්හිම් ගංගුගේ ජීවිතය වෙනස් කළා කියලා හිතනවද?

 නැහැ නැහැ එහෙම චිත්රපටයක් ජීවිතය වෙනස් කරන්නේ නැහැනේ. නිම්හිම් මම දායකත්වය ලබාදුන් එක චිත්රපටයක් ඒකේ විශේෂත්වය වන්නේ මගේ ප්රථම ආදර කතාව.

 රාධිකා වෙනුවෙන් මොන වගේ කැපකිරීම්ද සිදුකළේ?

 මම හිතනවා මම ඒ චරිතය හරියට ගොඩනගා ගත්තා කියලා. මට ගොඩක් කාලෙකින් මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිතයක් ලැබුණා මම ටිකක් මහත්වෙලා හිටියා. මේ චරිතය හින්ද ගොඩක් කෙට්ටු වෙන්න සිද්ධ වුණා. ඒ හැර වෙන සූදානමක් නම් මේ චරිතය වෙනුවෙන් වුණේ නැහැ. මම හිතුවාටත් වඩා හොඳට ඒ චරිතය ඇවිත් තියෙනවා ඒ ගැන සතුටුයි.

 අධ්‍යක්ෂක මිචෙල් ෆොන්සේකා රාධිකා ගැන මොනවද කිව්වේ?

 ඔහු බලාපොරොත්තු වුණ විදිහට මම රාධිකාට සාධාරණයක් කළා කියලා ඔහු මට කිව්වා මම දායක වුණ නිර්මාණය අධ්යක්ෂවරයා ඒ වගේ කතාවක් කිව්ව කියන්නේ මට සතුටුවෙන්න පුළුවන් හොඳ කාරණාවක්.

 ගංගුට දැන් ඉස්සර වගේ ආරාධනා ලැබෙන්නේ නැත්ද?

 ගංගුට විතරක් නෙවෙයි. මේ ක්ෂේත්රයේ දැන් ඉස්සර වගේ වැඩ කෙරෙන්නේ නැති ගතියක් තියෙනවා ඒක ගංගුට කියලා විශේෂයක් නැහැ. හැම කලාකරුවකුටම බලපාලා තියෙන්නේ.

 හඬකැවීම් වැඩ භාරගත්තේ රඟපෑමට ලැබෙන ආරාධනා අඩු නිසා නේද?

 නැහැ. නැහැ අපි රංගන ශිල්පීන් විදිහට අපිට ලැබෙන අවස්ථාවන් අනුව අපේ දක්ෂතාවයන් පෙන්වන්න අපි අවස්ථාව හදාගන්න ඕනෑ. හඬ කියන්නේ වෙනමම විෂයක්. ඒ විෂය ඇතුළේ ගොඩක් දුර ගියේ

 එතකොට සීමාවක් තියන දේවල්?

 සීමාවක් කියන්නේ නිරුවත් චරිත රඟපාන්න මගේ කැමැත්තක් නැහැ. ඒ ඇරෙන්න මට වෙන බාධාවක් ඇත්තේ නැහැ. මම බොහොම නිදහස් කලාකාරිනියක්. මේ ජොබ් එක ඇතුළේ මම බොහොම නිදහස් චරිතයක්. නිරුවත් චරිතයක් කළා කියලා ඒක සම්භාව්ය ගණයේ කියලා කියන්න බැහැ.
දිනේෂ් විතාන

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :