ads
News
Loading...

ඇග මහත අයි එස් නායකයා කුදලන් ගියේ මෙහෙමයි


  බ්‍රහස්පතින්දා දින ඉරාක ආරක්ෂක  වලට , මොසුල් නගරයේ සැගවී  සිටින  isis නායකයෙකු සම්බන්ධව  රහස් ඔත්තුවක්  ලැබුණු අතර ඒ ඔස්සේ සිදුකල කල පරීක්ෂණ වලින් පසුව ඉරාක ආරක්ෂක අංශ වලට  isis  සංවිධානයේ නායකයෙකු වන ජබ්බා ජිහදි හෙවත් අබු අබ්දුල් බරි හෙවත් ෂිෆා  අල් නිමා  සැගවී සිටියදී  අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත..
 ජබ්බා ජිහදි හෙවත් අබු අබ්දුල් බරි  isis  සංවිධානයේ අධිකරණ පද්ධතිය භාරව විනිසුරුවරයෙකු හැටියට කටුයුතු කර තිබු බවටත් ඔහුගේ විධාන වලින් ආගමික ස්ථාන විනාශ කිරීම මෙන්ම අත්අඩංගුවට පත් වෙන පුද්ගලයින් සම්බනධව නඩු විභාග කර ඔහු විසින් විශාල පිරිසක් මරණයට පත් කිරීමට තීන්දු ලබා දී ඇති බවත් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ වලින්  හෙළිදරව් වී ඇත ....මොහුගේ අත්අඩංගුවට  පත් වීම සම්බන්ධව විශාල පිරිසක් තම සතුට පල කර ඇත..මොහු ඉතාමත් අන්තගාමී අදහස් ඇති අයෙකු බවට ප්‍රකට බවද ලැබෙන තොරතුරු වලින් හෙළි වේ..
පසුගිය මාස කීපය තුල අත්අඩංගුවට පත් වූ   බලවත්ම isis  සංවිධානයේ නායකයෙකු  වන්නේ  ජබ්බා ජිහදි හෙවත් අබු අබ්දුල් බරි බවත් මොහුගේ අත්අඩංගුවට ගැනීම isis   සංවිධානයේ අධිකරණ පද්ධතියට එල්ල වූ බලවත් පහරක් බවත් සැලකේ..  ජබ්බා ජිහදි හෙවත් අබු අබ්දුල් බරි  isis   සංවිධානයේ අධිකරණ පද්ධතිය තුල ඉහලම පිළිගැනීමක් තිබු අයෙක් බවට කරුණු වාර්තා වේ..
 ජබ්බා ජිහදි හෙවත් අබු අබ්දුල් බරි  රාත්තල් 560 ක බරින්  හෙවත් කිලෝ ග්‍රෑම් 254 බරකින් යුක්තව ඇත.. ඔහුහේ හැඩි දැඩි බව නිසා පොලිස්  කාර් රථයක ඔහුව රැගෙන යාම අපහසු වීමෙන් විශේෂ ට්‍රක් රථයක පිටුපස කොටසේ  සන්නද්ධ භටයින්ගේ ආරක්ෂාව මත  විශේෂ පරීක්ෂණ ඒකකය වෙත  රැගෙන විත් ඇත..

ජෝසප් ඩයස් (Joseph Dias )
JSD News Line
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :