ads
News
Loading...

හිරු මගේ පණ වගේ කියපු රංගන සුදේව පීලි පැන්න කතාව ඇත්ත




ඊයේ දවස පුවත් මාධ්‍ය හැම එකක්ම වාගේ වාර්තා කරන ලද්දේ ABC මාධ්‍ය ජාලයේ මුල් පුටු හෙබවූ රංගන සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි යන අය විසින් ඉන් ඉවත්වීමයි.
අද ඔවුනු දෙදෙනා වැඩ භාරගත් අතර ස්වර්ණවාහිනිය තිබුනු මට්ටමටම ගෙන එන බවත් පැවසූවා.කෙසේ වෙතත් රංගන ,සුදේව මෙන්ම ඔහුගේ හාම්පුතා වන රේන ද සිල්වා සිටියේ අඔ යහළුවන් මෙන් එලෙස ඔවුන් වෙනස් වීමට හේතු කවරේද යන්න අප මෙම ලිපිය තුලින් පෙන්වනවා.
එතෙක් මෙතෙක් හිරු මාධ්‍ය ජාලය පැවතියේ රේනගේ සියලු දේවල් කරන තැනක් ලෙසය.එය රේනගේ මෙන්ම අනෙක් නාලිකා හා පුවත්පත් ද සිදුකරන්නකි.එහෙත් ඒ නිසාම මෙම මාධ්‍යවේදීන් දෙදෙනා නොසෑහෙන්න බැනුම් අසන බව සමාජ මාධ්‍ය තුල අපි දනිමු.කෙසේ වෙතත් මෙි හේතුව නිසා ඔවුන් ඉවත් වූවා කියන්න සාක්ෂි නැත.මන්ද ඔවුන්ට සැලකිය යුතු වෙිතනයන් එය තුලින් ලැබිණ.රංගන ද සිල්වා එතෙක් රැකියාව කල ටෙල්ෂාන් නාලිකාව හෙවත් ටී එන් එල් එකේදී ඔහු ලැබුවෙි සොච්චම් පඩියකි.හිරු සත්‍ය ලෙසකින්ම ඔවුන්න වෙනස් කරන ලදී.කාලය එසේ ගෙවුනද සුදේව හට අවශ්‍ය වූ තත්වය ලබාගැන්ම හිමිකාරිත්වය අකමැති වීම මත තම සගයා සමග ඉන් එළියට බැස්සේ හිරු මගේ පණ වගේ කියපු කටින්ම ගිහින් එන්නම් කියමිනි.
කලකට පෙර ස්වර්ණවාහිනියට ගිය විධායක ශ්‍රේණියේ චරිතයක් වූ ජේ සී රංගා සහ පාලන අධිකාරිය ස්වර්ණවාහිනිය සදහා මෙම තෝරාගැන්ම සිදුකර ඇත.නමුත් ස්වර්ණවාහිනිය තුල තත්වය නම් මීට වෙනස්ය එනම් ඔවුන් මෙි වනවිටත් දැඩි අර්බුදයක සිටින්නේ  කලක සිටි පුවත් අධ්‍යක්ෂකවරයෙක් නැතිවය.කෙසේවෙතත් මහේන් කලක් ස්වර්ණවාහිනිය ට කල පාඩුව මෙතැනදී අපගේ මතකයට නැගේ.

     රංගනට සහ සුදේවට ස්වර්ණවාහිනී රසිකයන් අලුත්ය.ඒ නිසාම එහි හැඩය ශ්‍රී ලාංකීය අභිමානය යන්න නම තියාගනිමින් වැඩ කිරීම එතරම් ලෙහෙසි නැත.අනෙක් කතාව වන්නේ මෙම ආයතනය මිලට ගත් දේශපාලනයට සම්බන්ධ චරිතය තුලින්ද ඔවුන් දෙදෙනාගේ නම් යෝජනා වීමයි.කෙසේ වෙතත් එජාපයට මෙන්ම විපක්ෂයට බැට දුන් සුදේව ,රංගන සුපුරුදු ආකාරයට ස්වර්ණවාහිනිය මෙහෙය වීමට යාම තුලින් වැලකිය යුතුය.මන්ද හරේන්දා ,චන්දන,ජයන්ත,මුදිත,නදීක වැනි කිහිපදෙනෙක්ම එම ආයතනය තුල තවමත් සීටී.ඔවුන්ටද ඉදිරියට ඒම අවස්ථාව දිය යුතුය. 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :