ads
News
Loading...

මැල්කම් රංජිත් අගරදගුරුතුමා නොබෙල් ත්‍යාගයට නම්කරයි


අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2021 නොබෙල් සාම ත්‍යාගයට නම් කරයි.

නොබෙල් සාම ත්‍යාගය සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවන වරටත් නම් කර තිබෙන බව වාර්තා වනවා.

2021 සඳහා නොබෙල් සාම ත්‍යාගය සඳහා වූ නාමයෝජනා ජනවාරි 31 දිනෙන් අවසන් විය.

“මම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම යෝජනා කර ඇත්තෙමි. මක්නිසාද යත්, ආගමේ නාමයෙන් ඝාතනය කරන උන්මත්තකයන් වැළැක්වීමට අප කිසිවක් නොකරන්නේ නම්, එය අහිංසක, යුද්ධ, ගැටුම් සහ සරණාගතයින් සමූහ වශයෙන් ඝාතනය කිරීමට හේතුව වනු ඇත” ශ්‍රී ලාංකාවේ උපත ලද මේ වන විට නෝර්වේ හි වාසය කරන ඛනිජ තෙල් විද්‍යාඥයකු වන ආචාර්ය අමර රණවීර මහතා පැවසූ බව “Daily Mirror” පුවත්පත වාර්තා කර තිබේ.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට ලේ වැගිරීම තවදුරටත් වැලැක්වීමට සහ සාමය පවත්වාගෙන යාම සඳහා කාදිනල් හිමිපාණන් ලබාදුන් දායකත්වය හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ඔහු පවසයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :