ads
News
Loading...

ඕනැම නිර්මාණයකට පැවැත්මක් තියෙන්න ඔිනා




අද ගොසිප්ලන්තය dancing Hits කතාබහට එකතුවෙන්නෙ නර්තනයෙන් වැඩ පෙන්වන දක්ෂයන් පිටිපස්සෙ ඉන්න චරිතයක්.ඒ තමයි අසංග ද සිල්වා.ඔහු මෙි දිනවල  හිරු මෙගා ස්ටාර්ස් 3    වෙිදිකාවෙි  කාර්යබහුල අවස්ථාවක අප සමග මෙලෙස එකතුවුනා. 


* අසංග ව මුලින්ම අපිට දකින්න ලැබුනෙ රියැලටි වෙිදිකාවෙි.එි වසර කිහිපයකට කලින්.දැන් කවුරුත් හදුනන නර්තන ගුරුවරුව⁣රයෙක්.මොකද හිතෙන්නෙ?

හුගාක් සතුටුයි .ඒ වගේම ලංකාවෙ මේ වගේ තැනක අද ඉන්න එකත් මම ලබපු භාග්‍යයක්..

*නව නර්තන ශෛල්‍යය හදුන්වාදීම සදහා කරන ලද කැපකිරීම වෙනුවෙන් ලබපු හොදම දේ ගැනත් කියමු


වසර ගනනාවක් දේශිය විදේශීය නර්තන ගුරුවරුන්ගෙන් විවිධ නර්තන ශෛලයන් ඉගෙන ගැනීම සහ ක්ශේත්‍රයෙ පලපුරුද්ද තමා මට විවිධ නර්තන නිර්මාණ කරන්න පුලුවන් වුනේ සහ වෙන්නෙත්

* නර්තනය හදාරන්න අලුතින් එකතුවෙන පිරිස දැන් වැඩි අධ්‍යයන්ට මෙන්ම අලුත් නිර්මාණකරන්න පෙළඔවීම ගැන අදහස?

ඒක හොදයි.නමුත් අපේ කාලෙ වගේ නෙමේ.දැන් සෝශල් මීඩියා එක්ක ඒක පහසු දෙයක් වෙලා තියෙනවා. නමුත් ඕනැම නිර්මාණයකට පැවැත්මක් පැවැත්මක් තිබිය යුතුයි...එහෙම නැත්තම් වැඩක් නෑ.

*ඔබට හොද සහකාරියක් සිටිනවා.ඇය නර්තන සහකාරියක් වගේම ජීවන සහකාරියක්.ලොව ඒ විදියට ඉදිරියට ආපු නර්තන තාරකාවන් සිටිනවා නේද?

ඔව් ඉන්නවා.විශානි මගෙ ජීවිතයට ආවට පස්සෙ මගෙ ජීවිතයත් නර්තන ජීවිතයත් බෙහෙවින් ලස්සනත් සාර්ථකත් වුනා.ඇය මගෙ ජීවන සහකාරිය විදිහට ලැබීම මා ලද වාසනාවක් වගේම මගෙ එකම ශක්තිය ඇයයි..



*අසංගගෙ අලුත් නි⁣ර්මාණ වගේම යූ ටියුබ් නාලිකාව ගැනත් රසිකයන්ට කියමු


මම නර්තන නිර්මාණයන් කල චිත්‍රපට , මියුසික් වීඩියෝ ඉස්සරහට දැකගන්න පුලුවන්.මේ දවස්වල රටේ තත්වයත් එක්ක නව නිර්මාණ කෙරෙනවා අඩුයි.නමුත් ඉදිරියේදී රූපවාහිනි රියැලටි ශෝ වැනි ජනප්‍රිය වැඩසටහන් තුලින් මගෙ නර්තන නිර්මාණයන් දැක ගන්න පුලුවන් වෙයි.



* අලුතින් ක්ෂේත්‍රයට එන අයට කියන්න තියෙන්නෙ?


අලුතින් එන නවකයන්ට කියන්න තියෙන්නෙ මේ ක්ශේත්‍රයට වෘත්තීයට ගරු කරන්න.ගුරුවරුන්ට ගරු කරන්න .මුදලට මුල් තැන නොදී තමන්ට ලැබෙන වගකීම ඉටුකරන්න.එය ඔබව සාර්ථකත්වය කරා ගෙනියයි...



* අපේ සාකච්චාව ගැනත් අදහස දැනගන්න කැමතියි


මම හිතනවා මේ සාකච්ඡාව නර්තනයට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට වචනෙකින් හරි ප්‍රයෝජනවත් වෙයි..ඒ වගේම ඔබටත් ස්තුතියි මේ ආටිකල් එකට මාව සම්බන්ධ කර ගත්තට..



 පහලින් නරඔන්න



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :